
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල නගරයේ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ දෙවන මහලේ ආරක්ෂිත යකඩ පැති වැටක් කඩා ගෙන සිසුවකුෙ බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
මෙසේ දෙවන මහලෙන් අඩි 15 ක පමණ පහලට ඇද වැටී තුවාල ලබා ඇත්තේ බදුල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක 2 වසරේ ඉගෙනුම ලබන බදුල්ල පස්සර පාර 2 කනුව ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි සිසුවකු යැයි පොලිසිය කීය .
මොහු මව සමග උදෑසන බදුල්ල නගරයේ රේස්කෝස් පාර ක්‍රිඩාංගනයේ රගර් ක්‍ර්‍රිඩා පුහුණු වීම් කටයුතු සදහා ගොස් දහවල් සිය මව සමග කිසියම් අවශ්‍යතාවයකට බදුල්ල නගරයේ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයට පැමිණ එහි දෙවන මහලේ සිට ඇති බවත් පොලිසිය සදහන් කළේය .
මෙහිදී සිසුවා දෙවන මහලේ යකඩ වලින් තනා තිබූ ආරක්ෂිත යකඩ වැටට හේත්තු වී.සිටියදී දිරාපත් වී යකඩ වැටකඩාගෙන සිසුවා සමග පහල මාර්ගය ට වැටී ඇතැයි පොලිසිය පැවසීය .
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉහළ මහලයේ වැටත් කඩාගෙන සිසුවා බිමට වැටිලා
Upali Monday, 23 December 2024 05:59 AM
ඔය ගොඩනැඟිල්ල බදුල්ලේ මහ නගර සභාවේ අයිතිය තියෙන වෙළදුන්ට දීලා මාසිකව ආදායම් ලබන ඒවා තමයි ඉතින්. වෙළෙන්දො නොබලනවා ඇත්තෙ රජයෙන් වැටුප් ලබන වෙළදසැල් භාරකරුවෝ සිටින නිසා වෙන්න ඇති. ඊළගට නගරසභාව වුණත් ආදායමක් ගන්නවා වුණත් ගොඩනැඟිලි දිරාපත් වෙලාද කියල බලන්නෙවත් නැහැ. හරිනම් නගරසභාවෙන් දරුවා වෙනුවෙන් ප්‍රමාණවත් වන්දියක් ගෙවීමට කටයුතු කරන්න ඕන.
ravin Monday, 23 December 2024 07:05 AM
නගරයේ වෙළඳ සංකීර්ණයේ බදු අය කරගන්නේ මොන ආයතනයද? එම ආයතනයට හා නඩත්තු කටයුතු භාර නිලධාරියාට මිනීමැරීමට තැත් කිරීම උදෙසා නඩු පවරන්න. කාගේ කාගෙත් පුටු රත්කිරීම නවත්තමු.
Jeganathan Dhayalan Monday, 23 December 2024 05:41 PM
බදුල්ල නගර සභාවෙන් මාසිකව රු.2000/- කට වැඩි මුදලක් නඩත්තු කටයුතු සඳහා අය කළත් කිසිඳු නඩත්තු කටයුත්තක් සිදුකරන්නේ නැහැ. එම තැනම අපිරිසිදුයි. බුලත් කැල ගොඩනැගිල්ල පුරාවට. ගොඩනැගිලි වලට තීන්දු ගසා දැනට වසර 20 ට වැඩි කාලයක් ගතව ඇත. යාචකයින්, පිස්සන් වීදි සුනඛයින් ගොඩනැගිලි ආක්‍රමණය කරගෙන ඉන්නේ...