(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ සහ රංජිත් රාජපක්ෂ)
ඉහළ කොත්මලේ ජලාශයට වැටී අතුරුදහන් වී සිටි වයස අවුරුදු හතරක කුඩා දරුවාගේ මළසිරුර ජලාශය පතුලේ සිරවී තිබිය දී අද (17) දහවල් සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.
අවුරුදු හතරක කුඩා ළමයෙකු ද සමඟ මවක් තලවකැලේ, ඉහළ කොත්මලා ජලාශයට ඊයේ (16) සවස වැටී ඇති අතර, එහෙදී දියේ ගිලීමෙන් මෙම කුඩා දරුවා අතුරුදහන් වී සිටි බව පොලිසිය පවසයි.
අවාසනාවන්ත ලෙස මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ, දෙව්සිරිපුර, ප්රෂදේශයේ පදිංචිව සිටි ධනුෂන් නැමති කුඩා පිරිමි ළමයෙකු බව පොලිසිය කියයි.
තලවකැලේ පොලිසියේ නිලධාරීන්, ඉහළ කොත්මලා ජලාශය භාර නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා ජලාශය පතුලේ මඩේ රැඳී තිබූ දරුවාගේ සිරුර සොයා ගැනීමට පියවර ගෙන තිබිණි.
කුඩා දරුවාගේ මළසිරුර අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන යාමට පොලිසිය පියවර ගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් තලවකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
(ඡායාරූප : ශාන්ත චන්ද්ර සිරි හුලංනුගේ සහ රංජිත් රාජපක්ෂ)
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉහළ කොත්මලේ සැඟවුණු සිව්හැවිරිදි දරුවාගේ සිරුර සොයා ගැනේ