( නිමල් ජයරත්න )
පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේදී අද (17 ) අලුයම ඉසෙඩ්.ඩී ප්‍රධාන ඇළට වැටී සිටි අලි දෙදෙනෙකු ගොඩට පැමිණීමත් සමඟ ඉන් එක් අලියෙකු අසළ තිබූ යතුරු පැදියට පහර දී විනාශ කර කාලිංගවිල රක්ෂිතයට පලා ගිය බව වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කළහ.
බීමට ජලය සොයා පැමිණි එම අලි දෙදෙනා වැලිකන්ද මෛත්‍රීගම ප්‍රදේශයෙන් ඉසෙඩ්. ඩි. ඇළට වැටී අතර වැලිකන්ද වනජීවී නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව එම අලි දෙදෙනා ගොඩගැනීම සඳහා පැය දෙකක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.
එක් අලියෙකු ඉසෙඩ්. ඩි. ඇලේ කොන්ක්‍රීට් පඩිපෙළ හරහා ගොඩට විත් කාලිංගවිල රක්ෂිතයට පලා ගිය අතර, අනිත් අලියා ගොඩගැනීමට වනජීවී නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක බලකාය සූදානම් වීමත් සමග තවත් යකඩ පඩිපෙළකින් අලියා ගොඩටවිත් අසල තිබූ යතුරු පැදියට පහරදී අලිවැට කඩාගෙන කාලිංගවිල රක්ෂිතයට පලා ගියේය.
වනජීවී නිලධාරීන් පැමිණි කැබ් රථය පිටුපස එම අලියා ලුහුබැද පන්නන්නට උත්සාහ කිරීමටත් සමඟ අහසට වෙඩි තබා එය මෙල්ල කිරීමට වනජීවී නිලධාරීන් සමත් වූ අතර, අනතුරුව අලියා කාලිංගවිල රක්ෂිතයට පලවා හැරියහ.
මෙම අලි දෙදෙනා ඉසෙඩ්. ඩි. ඇළට අද අලුයම පහට පමණ වැටී ඇති අතර අලි දෙදෙනාම ගොඩගැනීම සඳහා පැය තුනක මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලාට මළ පැනලා...