
(ටී.කේ.ජී.කපිල)
ප්‍රබල පාතලය ක්‍රියකාවකු වූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත සැකකරුවන් පස් දෙනා නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක දිවයිනට අද (15) රාත්‍රී රැගෙන ආ බව පොලිසිය කියයි.
නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 182 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද පස්වරු 6.54ට පමණ රැගෙන එන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.
ප්‍රබල පාතාල කල්ලි නායකයකු ගණේමුල්ලේ සංජීව නමැත්තා කොළඹ අලුකඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දී සහ ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි අපරාධකරුවන් පස් දෙනකු නේපාලයේ කත්මණ්ඩු නුවර මහල් නිවාසයක සැඟව සිටියදී ඉකුත් (13) වැනි දා අත්අඩංගුවට ගත්තේය.
නේපාලයේදී අත්අඩංගුවට ගත් පස්දෙනා අතර ඉෂාරාගේ රුවට බෙහෙවින් සමාන යාපනයේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක, කෙහෙල් බද්දර පද්මෙ නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයකු බවට සැලකෙන ජේ. කේ. බායි, ජැෆ්නා සුරේෂ්, ගම්පහ බබා යන පිරි අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.
අත්අංගුවට ගත් එම පිරිස නේපාලයේදී කිසිසු අපරාධ ක්‍රියාවක් නොකිරීම මත එරටින් පිටුවහල් කිරීමට එරට පොලිසිය කටයතු කළේය.
බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් මීට දින පමණ ඉහතදී නේපාලයේ කත්මණ්ඩු නුවරට ගොස් එක් වී කරන ලද මෙහෙයුමකදී ඉෂාරා ඇතුළු පස්දෙනා කොටු කර ගනු ලැබූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට ස්තුතියි, මෙම අපරාධ කරුවන් මෙරටට රැගෙන ආවාට...
මේ ඇත්ත සෙව්වන්දිද? හොර සෙව්වන්දිද? ඇත්ත සෙව්වන්දි කෙට්ටුයි නේද? නැතිනම් නේපාලයේ කෑම හම්බවෙලාද?
මෙයාගෙ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරුවා කියලා අර ඕන එකකට ඇඳගන්න මෝඩ පුතා දැන් නිවේදනයක් දායි...
රතු පළස දාලා පිළිගනිමු...
සෙව්වන්දිව දකින්න ආසාවේ පහුගිය කාලෙම වැලපෙමින් හිටපු විපක්ෂයේ කට්ටියේ බර ගාණක් හිටියා. දැන් ඉතින් තවත් මයික් ඉස්සරහ අඩන්න කවි කියන්න පලි ගහන්න ඕනි නැහැ. බස් එකක් දාගෙන එයාර් පොට් ගිහින් කට්ටියටම පුළුවන් ඇස් වලින්ම බලාගෙන දෙය්යනේ කියල සැනසෙන්න. සජබෙන් පොහොට්ටුවෙන් ඔය වැඩේට ඒකාබද්ධව වැඩපිළිවෙලක් යොදාගන්න.
ඔන්න ඔය වගේ තත්වයට ගෑණු පත්වෙන එක වළක්වා ගන්නයි කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ බණ කියන්නේ, එක දවසක් ඇහුවා නම් ජීවිතය මෙවැනි තත්වයකට පත්වෙන්නේ නෑ...
දැන් මෙයා හොරනඩේගෙ විස්තර වමාරන්න කලින්. නාමල් බේබි කියයි. දැන් අලුත් සෙල්ලම. පාතාලයේ කට්ටිය අල්ලන එක කියලා. මෙයා කියයිද දන්නෙ නැහැ. නමගිය බබෙක්. මට වැටුප් ගෙව්වා රැකියාවක් නොකර කියලා. එහෙම කිව්වොත් බේබිලට දුවන්න ඉඩ මදි
මාපිලා ඩෝබිලා දන්නේ නැහැ තමන් හෙළුවෙන් කියලා. එක ගැහැනියක් අල්ලගන්න බැරුව මාස හතක් දැඟලුවා . පස්සේ වෙන රටක උන් ටිකක් අල්ලලා දුන්නහම ඩෝබිලට තියෙන ජොලිය. නුඹලා හරිම පොඩි මිනිස්සු. සෙව්වන්දි එක දවසෙන් ඇල්ලුවානම් නුඹලා මොනව නොකරයිද. යුද්ධයක් දිනුවා නම්.
මේ නාටක හොඳයි රැල්ලට යන හරක් රැළට. මාලිමාව තමයි හොඳ , මාලිමාව තමයි කරන්නෙ කියන මෝඩ මානසිකත්වයෙන් පෙළෙනවුන් දන්නෙ නෑ රටේ සිද්ධවෙමින් පවතින නරක දේවල්. ඔවුන් හදන්න බෑ. ඔවුන් අන්වාදීන් . රටක් ජාතියක් ආගමක් ඔවුනට නෑ. තියෙන්නෙ අන්ධව බසාගත්ත පක්ෂයක් විතරයි.
හොඳින් ක්‍රියාත්මක වන රජයක් වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලැබුවහොත්, මෙවැනි සිදුවීමක් අවධානයට ලක් නොවේ. නමුත් දකුණු ආසියාවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ, බොහෝ දෙනෙක් කුප්‍රකට සිදුවීමක් උද්දීපනය කරති. මේ අය එතරම් මෝඩද? සමහර විට, බොහෝ බයියෝ/ජෙබයියෝ සහ ටොයියෝ සිතන රටාව මෙය විය හැකිය. මේ රටට තවත් බොහෝ දේ කිරීමට ඇත, නමුත් දේශපාලනඥයින්, වහලුන් සහ සමස්ත රජයේ නිලධාරීන් සුළු දේවල් පසුපස හඹා යති.
ඔය ඉෂාර කියන බබලතීව මට කසාද බදින්න ආසාවක් ආවා. බැරිවෙයිද?
මේ අසේල කියන කතාව මොනතරම් මොඩ බොරු කතාවක්ද? තනිකරම ඊර්ෂ්‍යාව වපුරන කතාවක්. අද රටේ ඕනෑම කෙනෙක් දන්නවා මාලිමා රජයට ඉස්සර තිබුණු ආණ්ඩු තනිකරම ආණ්ඩු කරණය කලේ පාතාලය සමග හවුලට... අද මාලිමා රජය රට දියුණුවේ මාවතේ කෙලින් ගමනක් යමින් රට හූරා කාපු කම්බ හොරුන් හිරේ දාලා දැඩි විනයකින් රට නියම මාවතකට දැඩි වෙහෙසක් දරා ගන්නවා. රටේ සමස්ත ජනතාවම මාලිමා රජය සමගයි.
විපක්ෂයේ බඩ තඩියට ,හොර පෙරකදෝරුවාට ,ගොම්මන්පිළයට ,රිලාසිරියාට දැන් කට උත්තරත් නැතිවෙයි .දූෂිත පව්ල් පාලනේ උන් තමා පාතාලේ පෝෂණය කෙරුවේ .තමුන්ගේ චන්ද වැඩවලට ,ජඩකම් මැරකම් වලට පාතාලකාරයෝ සෑහෙන්ඩ උදව් කෙරුවා.