(නිමල කොඩිතුවක්කු)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

වෛද්‍යවරුන්ගේ ආර්ථික ගැටලු සඳහා විසදුම් ලබාදීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සේවාව සඳහා අනන්‍ය වූ වැටප් දීමනා ලබාදිම, අමතර රාජකාරී දිමනාව ස්ථාවර දීමනාවක් ලෙස වැටුපට එක්කිරීම ඇතුලු ඉල්ලිම් 5 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

දිවයින පුරා සියලු රෝහල්වල මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බවත් මහරගම අපේක්ෂා රෝහල රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල ඇතුලු මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවත් ඔහු පැවසීය.