(නිමල කොඩිතුවක්කු)
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට ලබාදෙන සහන මල්ල බොහෝ අළෙවි සැල්වල නොමැති බවට ජනතාව මැසිවිලි නගති.
ලංකා සතොස අළෙවි සැල් වලට ගියත් සහන මල්ල සඳහා අවශ්‍ය භාණ්ඩ නොමැති බව ජනතාව පවසති.
ඇතැම් ලංකා සතොස ශාඛාවල සහන මල්ල සීමිත ප්‍රමාණයක් පමණක් තිබුණත් ඒවා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ජනතාව කියති.
නාඩු හෝ සම්බා හෝ කිලෝ ග්‍රෑම් 10ක් සීනි කිලෝ එකක්, හයිලන්ඩ් කිරි පිටි පැකට් එකක් සහ තේ කොළ පැකට්ටුවකින් සහන මල්ල සමන්විත වේ.
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් හදුන්වා දී ඇති සහන මල්ලක මිල රුපියල් 1950කි.
මෙයට අමතරව සතොස මගින් දෙන හාල්, සීනි, පරිප්පු, ටින් මාලු ආදී භාණ්ඩ අළෙවිය සීමා කර ඇතැයි ද පාරිභෝගිකයෝ සඳහන් කරති.
බොහෝ ලංකා සතොස අළෙවිසැල් වල සීමා කර සහිතව හෝ හාල්, පරිප්පු ඇතුලු භාණ්ඩ මිලදී ගැනීමට නැතැයිද ඔවුහු සඳහන් කරති.
මිල දර්ශණය පමණක් ප්‍රදර්ශනය කර තිබුනත් සතොස ශාඛා මගින් මිලදී ගැනීමට භාන්ඩ නොතිබූ බව පාරිභෝගිකයෝ පැවසූහ.
සහන මල්ල ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය භාන්ඩ සියලුම ලංකා සතොස අළෙවි සැල් වලට යොමුකර ඇතැයි මේ පිළිබඳ කළ විමසීමකදී ලංකා සතොස උසස් නිළධාරියෙකු ලංකාදීපයට පැවසීය.
එමෙන්ම සහන මල්ලේ පවතින අධික ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම අසීරු වී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉල්ලුමට සැපයුමක් නැති බන්දුලගේ සහන මල්ල
fairoos Monday, 11 April 2022 04:08 PM
දැන් ලංකාවේ ආණ්ඩුවක් නැහැ. ඇමැතිවරු ටික ඉල්ලා අස්වෙලා... රට කනවා..
BamunuarachchiTuesday, 12 April 2022 09:57 AM
එත් හමබයින්ට එන්න ඉඩතියන්නේ නැහැ. හම්බ්ය අපිට වානා
sharm warn Monday, 11 April 2022 04:13 PM
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා පොඩි කාලේ කියලා දුන්නේ මේවට තමයි.
LGPJ Monday, 11 April 2022 06:53 PM
ඔහු නම් බොරු මල්ලක්...
මුදියන්සේ..... Monday, 11 April 2022 08:01 PM
සතොසත් දුවන්නේ බොරුවෙන්ද?
swene Monday, 11 April 2022 09:44 PM
බන්ධුල කොයි විධියට කිව්වත් ඒවා පට්ට පල් බොරු. එයාගේ නොනටවත් එයා ගේ වචන විශ්වාසද මන්දා
Bamunuarachchi Tuesday, 12 April 2022 09:56 AM
ඉල්ලුමට සැපයුම් දෙන්නේ කොහොමද? මුලුරටේ ජනතාව මිලියන 22යි ඉල්ලුම මිලියන 50 යි . හැමදාම සහනමල්ලෙන් කන්න ගෙදර ගෙනත් තියාගන්නයි හදන්නේ.