(නිමල කොඩිතුවක්කු)
අර්බුදකාරී සමයේ රට ගොඩනැගීමේ කිසිදු හැකියාවක් හෝ සමත්කමක් නැති බව අවංකව පිළිගෙන ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තවදුරටත් රටත් ජනතාවත් පීඩාවට පත් නොකොට රට ගොඩනැගීමට හැකි කණ්ඩායමකට ආණ්ඩුව භාරදී ඉවත්ව යාම මේ මොහොතේ ගත යුතු සුදුසුම ක්රියාමාර්ගය බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
"ජාතික ආරක්ෂාව පිළිබඳව පුරසාරම් දොඩමින් බලය ලබාගත් ආණ්ඩුව, සෞඛ්‍යාරක්ෂිතව ගෑස් සිලින්ඩරයක් වත් ජනතාවට ලබාදීමට නොහැකි තැනට රට පත් කොට ඇති අතර මේ ආණ්ඩුව විසින් රටේ ජන ජීවිත තුට්ටුවකට දමා ඇති තරම එයින්ම වටහා ගත හැකිය.
ගනු ලැබූ අන්තනෝමතික තීන්දු හේතුකොටගෙන මේ රටේ සමස්ත කෘෂිකර්මාන්තය බරපතල අගාධයකට තල්ලු වී ඇති අතර හිතාමතාම ආණ්ඩුව සාගතයට අත වනා තිබේ.
සියලු රාජ්‍ය සේවකයින් ද,පෞද්ගලික අංශයේ සේවකයින් ද , දෛනික කුලී කම්කරුවන් ද ඇතුළු සමස්ත ජන පරපුර අන්ත අසරණ අඩියකට ඇද දැමූ අභාග්‍යසම්පන්න යුගයක් වර්තමාන ආණ්ඩුව විසින් රටට ඉතිරි කොට තිබේ.
මේ වන විටත් රට පුරා පෝලිම් යුගයක් නිර්මාණය වී ඇති අතර අනෙක් පසින් කොරෝනා මරණ දාහතරදහසද ඉක්මවා යන තැනට රට පත් කොට තිබේ. අප මුල සිටම කරන ලද සියලු අනතුරු හැඟවීම් මායිම් නොකළ ආණ්ඩුව ඒ නිසාම අනතුර රට තුළට ගෙන්වාගෙන ඇත.
රටේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන ආණ්ඩුව සිය ගජ මිතුරන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් නොවළහා පෙනී සිටින අතර සුළුතර කල්ලියක උවමනාව වෙනුවෙන් මුළු රටේම අනාගතය බිල්ලට දීමට කටයුතු කොට ඇත.
සිය බලව්‍යාපෘතිය උදෙසා උත්තරීතර පාර්ලිමේන්තුව පවා ප්‍රචණ්ඩත්වයේ තෝතැන්නක් බවට පත්කරගනිමින් ආණ්ඩුව විසින් පෙන්නුම් කරන ෆැසිස්ට්වාදී පැවැත්ම පිළිකුල් සහගත ය.
මෙතරම් විනාශයක් රටේ සිදුවෙමින් තිබෙන අතර තවදුරටත් වර්තමාන ආණ්ඩුව කෙරෙහි අංශු මාත්‍රයක විශ්වාසයක් තබන්නට රටේ ජනතාව සූදානම් නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, ඔව්... ආණ්ඩුව ඉල්ලා අස්වෙලා මෙතුමාට දෙන්න ඕන රට.... එතකොට ගොඩේ ගොඩ...
විකල්පය ඔයා කියලා හිතාගෙන දවල් හීන දකින්න නම් එපා...
මේ මනුස්සයාගේ මාධ්‍ය නිවේදනත් එකයි. ආණ්ඩුව ගහන ගැසටුත් එකයි. දෙකම නිකන් හිස් කොළ විතරයි. වෙලා තියෙන දේ රට්ටු දන්නවා රටට. ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයන හැටිවත් කියන්නකෝ. අඩුම ගානේ ඩොලර් ප්‍රශ්නයටවත්. මෙයා වටේ ඉන්න අය මෙයාව අන්දලා ජනාධිපති කරලා ඉවරයි. හැබැයි රටේ ඊළඟ ජනාධිපති ඔයා නම් නොවේ. ආයෙත් කැහි ගෑනී දීලා හොටු ගෑනි ගේන එක නම් වෙන්නෑ. ගුරාත් එකයි, ගෝලයෝත් එකයි...
හා ඔයා අරගෙන කරන්න...
ආණ්ඩුව අයින්වුණත් ජනාධිපතිවරයාත් ඉවත් නොවෙයි නම් වැඩක් නැහැ. තවමත් පොහොට්ටුවට ඉතා ලැදි පිරිස් අනන්ත ඉන්නවා. පසුගිය සතියේ මම පළතුරු ටිකක් ගන්න අලුත් කඩයකට ගියා. මුදලාලි ඉන් පෙර පදික වේදිකාවේ අඹ වික්ක කෙනෙක් මම ඉතින් අලුත් ව්‍යාපාරයට සුබ පතලා විස්තර ඇහුවා. මිනිහා කියනවා මේ ආණ්ඩුව තියෙද්දී මොනවා හරි කර නොගත්තොත් වැඩක් නැහැ කියලා.. එ් නිසා කලබලෙන් ගියොත් කොරොස් කටෙත් අත දාගන්න බැරි වේවි කියලා මතක් කරන්න කැමැතියි...
මෙහෙම වෙලාවක බලය ලබාගන්න මෙවැනි කථා කියන්නේ ඉතාම දුර්වල, දුබල, දීන, කුහක, වංක, ජනතා විශ්වාසයක් දිනාගන්න බැරි නායකයින්...
දත මැදගෙන ඉන්නේ... විකල්පේ... මෙයාලා කියලා හිතාගෙන වෙන්නැති. ලොක්කා ඒක ලොකු මිථ්‍යාවක්.
මෙයා ගහන්නේ හැම විපක්ෂයක්ම ගහන... එදා ඉඳලා අපි අහන පරන බයිලාම තමයි...
ඔලුව හොඳ නැද්ද? අරගෙන කරන හැටිත් කියලා ඉමුකෝ...
ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඉල්ලා අස්වෙන්න ඕනෑතමයි. හැබැයි විසඳුම ඕගොල්ලො නම් නෙවෙයි... වෙරි සොරි...
ආණ්ඩුව මේ අවස්ථාවේ කළ යුත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය පැතීම පමණයි.
තවත් වහල්ලු සෙට් එකක් ඉන්නවා.. එයාලත් නැතිවෙලා ගියාට පස්සේ ඔයාට හම්බවෙයි රට හදන්න.
කබලෙන් ලිපට වැටෙන්න අපිට බෑ..