(රොමේෂ් මධුෂංඛ)
දෙමළ ජාතක සන්ධානයේ ප්‍රධානම මෙන්ම විශාලතම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ 16 වැනි මහ සභාවේදී පක්ෂ නායකයා වශයෙන් යළිත් වරක් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාම පත්විය.
යාපනය නල්ලූර් ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානයේ පක්ෂයේ සියලු සාමාජිකයින්ගේ සහාභාගීත්වයෙන් නායක ආර්.සම්පන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ 16 වැනි මහ සභා රැස්වීම පැවැත්වීය.
එහිදී ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂ නායකත්වය නැවත මාවෙයි සේනාධිරාජා මහතා වෙතට හිමි වෙද්දී අනුශාසක වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා පත් වූ අතර පක්ෂයේ ලේකම් වශයෙන් නැගෙනහිර පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය කේ.තුරෙයිරාජසිංහම් පත් විය.
එමෙන්ම 16 වන මහ සභාවේදී තවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගත යුතු තීරණ හා ක්‍රමවේදයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වූ බවටද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් ඔබ වෙයි සේනාධිරාජා, වෙන කවුද?
කැරකිලා කැරකිලා පත්කරන්නෙම වයසක අයනේ.. තරුණ පරපුරේ වැඩක් ගන්නෙම නැහැ.
ඔබ සේනාධිරාජා වුණාට අපිට කමක් නැත. නමුත් මේ රටේ මා වෙයි සේනාධිනායක කියලා හීනෙන්වත් හිතන්න එපා...