
(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)
හික්කඩුව නගරයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට අද (14) පස්වරුවේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු වෙඩි තැබීමට ගත් උත්සාහය ව්‍යර්ථව ගොස් ඇති බව හික්කඩුව පොලීසිය කියයි.
ටී පනස් හය වර්ගයේ ගිනිඅවියෙන් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා සමග තීරෝද රථ රියදුරු පොර බදා ඇති බවත් පසුව වෙඩි තැබීමට පැමිණි අය අතේ තිබූ ටී පනස් හය වර්ගයේ ගිනි අවිය බිම වැටී ඇති බවද පොලීසිය කියයි.
මේ අවසරයෙන් ත්‍රිරෝද රථ රියදුරු දිව ගොස් සැගවී ඇති බවත් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා තමා අතින් බිමට වැටුණ ගිනි අවිය අහුලාගෙන යතුරු පැදිකරු සමග පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.
මොවුන් දෙදෙනා පලා ගොස් ඇත්තේ හික්කඩුවේ සිට අම්බලන්ගොඩ දෙසට බවද පොලීසිය කියයි. නාදුනන තුවක්කුකරුවන් වෙඩි තැබීමට පැමිණ ඇත්තේ හික්කඩුවේම පදිංචි හතලිස්පස් හැවිරිදි තීරෝද රථ රියදුරකුට බවද පොලීසිය කියයි. වෙඩි තැබීමට ආ හේතුව මෙතෙක් අනාවරණයවී නැති බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉලක්කය වැරදී වෙඩික්කරු පැන යයි