
(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)
හික්කඩුව නගරයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට අද (14) පස්වරුවේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු වෙඩි තැබීමට ගත් උත්සාහය ව්‍යර්ථව ගොස් ඇති බව හික්කඩුව පොලීසිය කියයි.
ටී පනස් හය වර්ගයේ ගිනිඅවියෙන් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා සමග තීරෝද රථ රියදුරු පොර බදා ඇති බවත් පසුව වෙඩි තැබීමට පැමිණි අය අතේ තිබූ ටී පනස් හය වර්ගයේ ගිනි අවිය බිම වැටී ඇති බවද පොලීසිය කියයි.
මේ අවසරයෙන් ත්‍රිරෝද රථ රියදුරු දිව ගොස් සැගවී ඇති බවත් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා තමා අතින් බිමට වැටුණ ගිනි අවිය අහුලාගෙන යතුරු පැදිකරු සමග පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.
මොවුන් දෙදෙනා පලා ගොස් ඇත්තේ හික්කඩුවේ සිට අම්බලන්ගොඩ දෙසට බවද පොලීසිය කියයි. නාදුනන තුවක්කුකරුවන් වෙඩි තැබීමට පැමිණ ඇත්තේ හික්කඩුවේම පදිංචි හතලිස්පස් හැවිරිදි තීරෝද රථ රියදුරකුට බවද පොලීසිය කියයි. වෙඩි තැබීමට ආ හේතුව මෙතෙක් අනාවරණයවී නැති බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd