
ඇමෙරිකන් හමුදා ඉරානයට ප්රහාර එල්ල කිරීම ආරම්භ කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තහවුරු කර ඇත.
ඊශ්රායලය ද එම ප්රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්රම්ප් අවධාරණය කර ඇත.
"මීට සුළු වේලාවකට පෙර, ඇමෙරිකානු හමුදා ඉරාන ඉලක්ක කර ගනිමින් ප්රධාන පෙළේ සටන් මෙහෙයුමක් ආරම්භ කළා. අප අරමුණ ඉරාන පාලන තන්ත්රයෙන් එල්ල වන තර්ජන තුරන් කරමින් ඇමෙරිකානු ජනතාව ආරක්ෂා කිරීමයි." යැයි ට්රම්ප් පෙන්වා දී තිබේ.
ඉරානය ඇමෙරිකාව සමග පැහැදිලි එකගතාවක් ඇති කර නොගන්නේ නම්, ඉරාන ඉස්ලාමීය පාලනයේ වෙනසක් ඇති කිරීමේ අරමුනින්, ඉරානයට පහර දෙන බවට ඇමෙරිකා ජනාධිපති ට්රම්ප් දිගින් දිගටම අනතුරු අගවා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd