IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉරාන හමුදා නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලයේ පැවැත්මට ඉරානයෙන් එල්ල වන තර්ජනය මැඩ පැවැත්වීම සඳහා අද (13) රයිසින් ලයන් මෙහෙයුම ආරම්භ කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළේය.

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ හමුදා නායකයින් එම ප්‍රහාර මාලාවේ ඉලක්කය විය.

ප්‍රහාර මාලාවෙන් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් සහ විද්‍යාඥයින් පිරිසක් මිය ගියේය.

රයිසින් ලයන් මෙහෙයුම මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මහතා ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් සහ න්‍යෂ්ටික අවි සංවර්ධනය ඉදිරියට ගෙන යන ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයින් ඉලක්ක කරමින් එල්ල කළ පළමු ප්‍රහාර මාලාව සාර්ථක වූ බවයි. ඉරානය ඊශ්‍රායලයේ පැවැත්මට තර්ජනයක් බවත් එම තර්ජනය මැඩ පවත්වන තෙක් රයිසින් ලයන් මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇති බවත් ඔහු පැවැසුවේය.

ඉරානයේ නටාන්ස් නගරයේ පිහිටි ප්‍රධාන යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථානයට ඊශ්‍රායල ආරක්ෂක හමුදා කීපවතාවක් ප්‍රහාර එල්ල කර තිබූ අතර ඉන් පිපිරීමක් සිදුව ගින්නක් හටගෙන තිබිණි. ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉරානය ප්‍රකාශ කර සිටියේ නටාන්ස් යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථානය විනාශ වීම හේතුවෙන් නව යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය කර බවයි.

ප්‍රහාර මාලාව එල්ල වීමත් සමග ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර සිටියේ මෙහෙයුම පිළිබඳව කලින් දැනගෙන සිටියත් ඇමෙරිකාව ඊට කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියේ මියගිය පිරිසට ආදේශක නිලධාරීන් සිටින බවත් ඔවුන් ප්‍රමාදයකින් තනතුරේ රාජකාරී ප්‍රමාදයකින් තොරව ඉදිරියට ගෙන යනු ඇති බවත්ය. අනිවාර්යයෙන්ම ඉරානයට එල්ල වූ ප්‍රහාර මාලාවට ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි පවසමින් කමේනි අනතුරු ඇඟවීමක්ද සිදු කළේය.

 



අදහස් (3)

ඉරාන හමුදා නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

රුවන් Friday, 13 June 2025 01:12 PM

ඉරාන ඉස්ලාම් විප්ලවය ඇති නොවුනා නම් අද තුර්කිය වගේ සැපට කලා බිලා විනෝදයෙන් ඉන්න පුළුවන් රටක්. දැන් තනිකරම ආගමට වහල් රටක් වගේ.

:       6       42

පිස්සු යකෙක් Friday, 13 June 2025 04:21 PM

ඔය අයතුල්ලා ඉන්න කං හා ආගමික මතයක් මත්තේ නැහෙන යුද්ධය ඉලක්කය වෙච්චි කරුමක්කාරයෝ පාලනය කරන කන් ඒවාට මැදිවෙලා මැරෙන සාමාන්‍ය ජනයාට දෙවියන් වත් නොබලා ඉන්නේ එහෙම මිථ්‍යා දේවල් ලෝකේ නිසා කියලා වත් තේරෙන්නේ නැතිද?

:       2       34

බද්රානි Friday, 13 June 2025 07:06 PM

ආගම, එහෙම නැත්නම් ඔවුන් අදහන විදිහට දෙවියන් වහන්සේව විකුණාගෙන කන, හොර, තක්කඩි පූජකයෝ, පාලකයෝ වුණු රටකට විනාශයක් මිස, සෙතක් කොයින්ද..? අදහන ආගම, පූජකයෝ පළඳින ඇඳුම, වෙනස් වුණාට ලංකාවත් ඔය තත්වෙටම තමයි ගමන් කරන්නේ... නමුත් වාසනාවට මේ රටේ ප්‍රඥාවන්ත සුළු පිරිසක් ඉන්නවා... ඒ නිසා තව තවමත් විපරිත සංස්කෘතියෙන් මිදී, යම් තරමක නිදහසේ ජීවත් වීමට අවස්ථාව තියෙනවා.

:       30       22

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29046 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18215 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11366 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 702 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 212 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 862 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site