
(විමුක්ති එස් රුද්‍රිගු)
ටෙහෙරානයේ ඉස්ලාමික් අසාද් විශ්ව විද්‍යාලයේදී සිය ඇඳුම් ගලවා යට ඇඳුමෙන් ඔබමොබ ගිය තරුණිය ප්‍රචණ්ඩකාරීව අත් අඩංගුවට ගෙන ඇති බවත් ඇයව වහා නිදහස් කරන ලෙස ඉරානය රජයෙන් ඉල්ලා සිටින බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රකාශ කළේය.
මෙම තරුණිය යට ඇඳුමෙන් විශ්ව විද්‍යාලයේ සිටින අයුරු දැක්වෙන වීඩියෝ විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර එම විශ්ව විද්‍යාලයේ ඇඳුම් ඇඳීමේ පැළඳීමේ දැඩි නීතිවලට විරෝධය පෑමට එලෙස ඇය ඇඳුම් ගලවා විශ්ව විද්‍යාල භූමියේ යට ඇඳුමෙන් සිටි බවට ඇතැම් මානව හිමිකම් කණ්ඩායම් සහ ශිෂ්‍ය කණ්ඩායම් ප්‍රකාශ කළේය.
නමුත් මෙම තරුණියගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විවිධ තොරතුරු පළවෙමින් පවතී. බසීජ් නම් සන්නද්ධ කණ්ඩායමේ හිරිහැර වලට ඇය ලක්ව ඇති බවත් එම කණ්ඩායම ඇයගේ ඇඳුම් ඉරා දමා ඇති බවත් ඇයගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පළවන එක් අදහසකි.
කෙසේ නමුත් විශ්ව විද්‍යාල පාලන අධිකාරිය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ මෙම තරුණිය මානසික අබාධයකින් පෙළෙන්නියක් බවයි.
තවමත් ඇයගේ ක්‍රියා කලාපයට නිශ්චිත හේතුවක් හෙළි වී නොමැති අතර පිරිමි කණ්ඩායමක් විසින් ප්‍රචණ්ඩකාරීව ඇයව වාහනයක දමා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
ඉරානයේ කාන්තාවක් මෙවැනි ආකාරයෙන් හැසිරීම බරපතළ වරදක් වන අතර එම වරදට දැඩි දඬුවම් හිමිවේ. මෙම තරුණියගේ ඉරණම සම්බන්ධයෙන් මුළු ලොවම බලා සිටින බවද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානය ගැන කතා කරන්න කලින් ලංකාව ගැන කතා කරලා ඉමුකෝ. ලංකාවේ ප්‍රසිද්ධ තැනක කෙල්ලක් මෙහෙම ඇවිද්දොත් මොනවා වෙයිද?
ඔය කෙල්ලව අත්අඩංගුවට අරන්ලු දැන් ආගිය අතක් නෑ ලු... මෙලෙහකටත් මරලා වෙන්න ඇති.
අසරණ දරුවා! දැන් ඉතින් මැරුම්කාවි ආගමික අන්තවාදී උන්මන්තකයන්ගෙන්.