
(ගයාන් සූරියආරච්චි)
කෑගල්ල, රඹුක්කන පාර ආයුර්වේද සම්බාහන ආයතනයක් තුළදී ඉරාන ජාතික තරුණියකට ලිංගික අතවර කළ බව කියන එම ආයනයේ සේවකයකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල රන්දෙණිය ප්‍ර දේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
ලිංගික අතවරයට ලක්වූ ඉරාන ජාතික තරුණිය තවත් ඉරාන ජාතිකයන් කීප දෙනකු සමග ආයුර්වේද සම්බාහනය සදහා රන්දෙණිය ප්‍ර දේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණ ඇති අතර එහිදී ඇය සම්බාහනය කිරීම සදහා සැකකරුට අවස්ථාව ලැබී ඇති බව පොලිසිය පවසයි.
එහිදී සැකකරු එම තරුණිය සම්බාහනය කිරීමේ කුටියකට කැඳවා සම්බාහනය කරන මුවාවෙන් එම කාන්තාවට විවිධ ලිංගික අතවර සිදුකළ බවට එම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය කියයි.
මෙසේ ලිංගික අතවර කර ඇත්තේ අවුරුදු 24 ක ඉරාන ජාතික තරුණියකට බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ පිං ඇති අය පමණත් ඉපදෙනවා කියන මේ රටේ හැම තැනකම ඉන්නේ අසහන කාරයෝ…
අපේ රටේ සම්බාහනයකට ගියා කියනවිට කට කොනින් හිනා නොවෙන .. තමා සම්බාහන ආයතනයක සේවිකාවක් කී විට හරහට නොබලන.. විස්වාසයෙන් සම්බාහන ආයතනයකට යා හැකි දවසක් කවදා ඒවිද? මම ඉන්න රටේ ගෞරවාන්විතව මෙම සේවය ලබා දීම සහ ලබාගැනීම කළ හැකියි. හැම දෙයකම ඇයි අපි සමාජයක් විදිහට හරිම පසුගාමී... වසර ගණනාවක් හරි හමන් දර්ශනයක් නැතුව අයාලේ රට ගෙනගිය දේශපාලනය මූලික හේතුව. බලයට කෑදරකම, තියෙන දේවල් ලොකුවට පෙන්නීමේ ආශාව පිරුණු සමාජයේ විදිහ දිගු කලක් පිටරටක සිට ආ විට තදට දැනෙනවා. එයාපෝට් ඉඳලා ගෙදර යද්දී බෙන්ස් කාර්වල, බොනට් වල ටයි දමා ඉඳගත් ගොන් පාට් ටියුෂන් ගුරාලාගේ කට්අවුට් දකිද්දී හිනා යනවා. හයර් එක අහද්දී අනේ කීයක් හරි දෙන්න කියන අය හයර් එකට වඩා යමක් බලාපොරොත්තු වෙනවා. හැමතැනම ඩීල්දාන්න පුළුවන්. පිටරටක කාලයක් ඉඳලා ආවාම ගොඩක් අයට මේ පහත් ගති පේන්න ගන්නවා. වැඩිදෙනා කට වහගෙන ඉඳලා යනවා. මොකද අපේ කට්ටියට හොඳක් නරකක් කියන්න බෑ...
තව පෝය කීපයකින් බලයට පත්වන අනුර සහෝදරයාගේ ජාජබ රජයකින් මෙරට සියලු සම්බාහන මධ්‍යස්ථාන වසා දමනු ඇත. නැතහොත් එවාහි සේවයට යොදවනු ඇත්තේ ඉතාමත් විනයගරුක ජවිපෙ සාමාජිකයින් පමණි. එවිට විදෙස් සංචාරකයන්ට මෙවැනි ගැටළු ඇති නොවනු ඇත.
එක එක්කෙනාට කියලා ඇඟ අත පත ගාගෙන මෙයා දැන් කොහොමද ආපසු ඉරානයට යන්නේ?
ජෙප්පන් බලයට පත්වූ පසු සියලු සම්බාහන ආයතන නිවැරැදි කර එහි නම වෙනස් කර වෛශ්‍යා සම්බාහන ආයතන වශයෙන් වෙනස් කරනු ඇත...