IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉරාක ගින්නට බිලි වූ ගණන 60 ක්

ඉරාකයේ සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලක ගින්නක් හටගත් අතර, ගින්නට හසුවීමෙන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ 100 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි.

ගින්න හටගතේතේ, නැගෙනහිර ඉරාකයේ අල්-කුට් නගරයේ 'හයිපර් මාකට්' සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලේය. ගින්න ගොඩනැගිල්ල පුරා පැතිර යන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

ගින්න නිවා දැමීමට, ගිනි නිවන කණ්ඩායම් කීපයක් යෙදවුණු බවත්, ගින්න පාලනය කිරීම අසීරු වූ බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත. ගින්න නිවා දැමීමට මෙතෙක් අනාවරණය වී නැත. එසේ වුවත්, ගින්න හටගත් සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසෙයි.

දැඩි ලෙස පිළිස්සුම් තුවාල සහිතව මියගිය පිරිස් හඳුනා ගැනීම අසීරු කාර්යයක් වී ඇති බව ද පැවැසෙයි. ගින්න පැතිර යද්දී ගොඩනැගිල්ල් මහල් කීපයකට හානි වුණු බවත්, සුන්බුන් අතරේ ද මළ සිරුරු ඇති බවත්, ඒවා ඉවත් කිරීම ද සිදුවෙමින් පවතින බවත් වාර්තා වේ.‍ ඒ අනුව, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ඉරාක මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

“මේ වනවිට මළසිරුරු 60 ක් හමුවී තිබෙනවා. ඒවායින් සිරුරු වැඩි ප්‍රමාණයක් හඳුනා ගැනීම ගැටලුවක් වී තිබෙනවා. එපමණක් නොවෙයි, ගොඩනැගිල්ලේ සිටියදී අතුරුදන්වූවන් සොයා අප දිගටම මෙහෙයුම් සිදු කරනවා” යැයි අල් කූට් නගර නිලධාරී අලි අල්-මයාහි මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.



අදහස් (0)

ඉරාක ගින්නට බිලි වූ ගණන 60 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site