IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉමිටේෂන් මාලයක් ඉස්සූ සැරයන්ගේ වැඩ තහනම්

(ගයාන් සූරියආරච්චි)

ඉමිටේෂන් ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් මරදාන ප්‍රදේශයේ ඉමිටේෂන් බඩු අලෙවි කරනු ලබන ආයතනයකින් ඉමිටේෂන් මාලයක් සොරා ගත් බව කියන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ වැඩතහනමට ලක් කර ඇත්තේ එම ඒකකයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකුගේ ය.

සැකකාර සැරයන්වරයා මරදාන ප්‍රදේශයේ රන් වර්ණ ආලේපිත ඉමිටේෂන් ආභරණ අලෙවි කරනු ලබන ආයතනයකට ගොස් ඉමිටේෂන් බඩු මිලදී ගන්නා මුවාවෙන් රුපියල් 1500 ක් වටිනා ඉමිටේෂන් මාලයක් සොරාගත් බවට එම ආයතනයේ හිමිකරු විසින් මරදාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව සැකකාර සැරයන්වරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති බව පොලිසිය කියයි.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ඉකුත් (11) දින සිට සැකකාර පොලිස් සැරයන්වරයාගේ වැඩතහනම් කළ බව විශේෂ විමර්ශන ඒකකය පවසයි.



අදහස් (0)

ඉමිටේෂන් මාලයක් ඉස්සූ සැරයන්ගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site