(චන්ද්‍රසේන ගමගේ)
අත් බෝම්බයක් සමඟ තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකරුවකු තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අත්අඩංගුවෙන් මිදී අද (22) සවස පලා ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි.
අධිකරණයේ සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇත්තේ රන්න රුවින්ගම පදිංචි ගුණසේකර ආරච්චි පටබැදිගේ ඉෂාන් මධුසංක හෙවත් ‘ඉබ්බා’ යන අය බව පොලීසිය පවසයි.
මොහු මීට පෙර බන්ධනාගාර ගතව තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී බන්ධානගාර නිලධාරීන්ගෙන් මිදී මීට මාස කිහිපයකට පෙර පලා ගිය අයෙකු බවත් පොලීසිය පවසයි.
තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා පැන ගිය සැකකරු බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇති අතර ඒ අනුව සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ බාරයට ගැනීමටයාමත් සමඟ අසල තිබූ ජනෙල් කවුළුවකින් සැකකරු ගොස් තිබේ.
අධිකරණ ශාලාවෙන් පැන ඇති සැකකරු අධිකරණ භූමිය වට කර ඇති ආරක්ෂිත තාප්පයෙන් ද පැන පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි. පලා ගිය සැකකරු සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම ඉබ්බා.., වැඩ සොනික්...!!
අම්මපා.. මේ කියන ඉබ්බා නම් අදහන්නම ඕනේ සතෙක් ... ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් ගිය සතෙක්නේ.. කෝකටත් ඔය කියන නිලධාරීන්ගේ ඥාතින්ගේ බැංකු ගිණුම් පරික්ෂා කළොත් යමක්කමක් තේරුම් ගන්න පුළුවන් වෙයි.
ඉගිල්ලෙන ඉබ්බෙක්...
ඉබ්බෙක් නෙවෙයි හාවෙක්...
පට්ට ඉබ්බෙක්....
අර කොක්කු දෙන්නා අරන් ගිය ඉබ්බා වෙන්නැති.
ඉබ්බා පැනලා තිබෙන්නේ අත් මාංචු ඇතිවද නැතිවද ?