බස්නාහිර පළාත නියෝජනය කරන, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රබලයෙක් ගිය සතියේ දවල් කෑමට පාර්ලිමේන්තු භෝජනාගාරයට ගියේය.

කියන්න තියෙන දෙය කෙලින්ම කියන අයකු ලෙස ප්‍රකට ඔහු කෙළින්ම ගියේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අසුන් ගෙන සිටි දෙසටය. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් දිවා භෝජනය ගනිමින් සිටින අතරේ එතනට පැමිණි විපක්ෂයේ මන්ත්‍රීවරයා ඉඳගත්තේ" මම මෙතන ඉඳ ගන්න එක ඔයාලට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද" කියමිනි .

ඔහු එදිනම උදේ විපක්ෂයේම තවත් කටකාර මන්ත්‍රීවරයකු සමග සභාවේ දී ද වාදයක පැටලුණේ ය ."ඔබතුමා මෙතන ඉඳගත්ත කියලා අපට නම් ප්‍රශ්නයක් නෑ.

හැබැයි ඔබතුමාට ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ" එහි සිටී තරුණ මන්ත්‍රීවරුන් කියා සිටියේ කොක්හඬලා හිනා වෙමිනි. ඔහුද හිනාවෙමින් කතාවට වැටුණේ " මට එහෙම ලෙඩ දාන්න අපේ පැත්තෙ කවුද ඉන්නේ යැයි උස් හඬින් කියමිනි.

අගස්ති ​