
(අංජුල මහික වීරරත්න)
අපි පක්ෂයේ ඉන්නවා ට විරුද්ධ වුණොත් "අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්" හදන්නම් යැයි කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් විරුද්ධව සිටිද්දී එම පක්ෂයේ ඉන්නේ කොහොම දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර මහතා මේ බව කීය.
ඇඹුල් කෙසෙල් ආනයනය සම්බන්ධයෙන් කොළඹ වොක්ෂෝල් වීදියේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලබාදී ඇති තීරණය පිළිබඳව විමසීමක් කළේය.
"අපි බලමුකෝ. එහෙම නැත්තං අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හදන්නම්.ඒකට නම විතරක් නෙමේ .පොඩ්ඩක් වෙනස් කරගන්නේ අවශ්‍ය වෙන්නේ.අපට ඕන තරම් විකල්ප තිබෙනවා" යනුවෙන් ද මහින්ද අමරවීර මහතා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd