(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉන්ධන සඳහා විනිවිදභාවයෙන් යුතු මිල සූත්‍රයක් ලබන සතියේ දී කැබිනට් මණ්ඩලයට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන බව බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලාභ ලබන්නට නොව අලාභ අවම කර ගැනීම සඳහා මේ මිල සූත්‍රය හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා කීය.
වැඩිපුර කොටසක් දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීමටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා මෙි වන විට ප්‍රමාණවත් තරම් පෙට්‍රල් ලංකාවේ තිබෙන බව සඳහන් කළේය.
දින තුනක් යනවිට පෙට්ට්‍රල් තත්ත්වය සාමාන්‍ය අතට පත් කරන්න පුළුවන් බවත් ඩීසල් සම්බන්ධ යම් ගැටලුවක් තිබෙන අතර නොරොච්චෝලේ බලාගාරය බිඳ වැටුණ හෙයින් ඩීසල් බලාගාර වලට දෙන්නට සිදුවී තිබෙන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්‍රෝලියම් එකේ අනවශ්‍ය වියදම අඩු කරන්න. එතකොට ලාබ ලබන්න පුළුවන්...
පාර්ලිමේන්තුවේ ඉන්න 225ට ඉන්ධන කාර්යක්ශමතාවය වැඩි ඇල්ටෝ වගේ වාහන දෙන්නකෝ...! ඇයි අප්පා, අපි වැඩිවැඩියෙන් ගෙවන්නයි එයාලාට නිකන් ඉඳලා හොඳට සැපට යන්නයි.. මහ කරුමයක්නේ මේක...