(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව අවශ්‍ය තරම් ඩීසල් තොග තිබෙන බවත් ඒ හේතුවෙන් ඩීසල් හිඟය දුම්රිය ධාවනයට බලපෑමක් නොමැති බවත් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉදිරි කාලය සඳහා විශාල ඉන්ධන සංචිතයක් ඇති බව කී ගාමිණී සෙනෙවිරත්න මහතා ඉන්ධන පිළිබඳව ගැටලුවක් මේ දක්වා මතුවී නොමැති බව ද සඳහන් කළේය