(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉන්ධන හිඟයක් නිසා විදුලි ප්‍රශ්නයක් ඇති වීමට කිසිම හේතුවක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
බලශක්ති අමාත්‍යවරයා පැවසූයේ විදේශ විනිමය ප්‍රශ්නය සමඟ විදුලි කපා හැරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා පළ කළ බිය සාධාරණ බවයි.සාමාන්‍ය තත්ත්වය යටතේ එවැනි අර්බුදයක් ඇති වන්නට ඉඩ තිබූ නමුත් සපුගස්කන්ද පිරිපහදුව වසා දමන විටත් දැවිතෙල් මෙට්ට්‍රික් ටොන් 79000ක් තෙල් ටැංකිවල තිබූ බව අමාත්‍යවරයා කීය.
වර්ෂාව සමඟ ජල විදුලි භාවිතය 50% 55%දක්වා ඉහළ ගොස් තිබෙන නිසා මේ දිනවල දැවි තෙල් වලට විදුලිබල මණ්ඩලයේ ඉල්ලුමක් නැතැයි ද මේ වන විටත් ටැංකි පිරී බැවින් තිබෙන බවද සඳහන් කළ බලශක්ති අමාත්‍යවරයා වැස්ස නතර වුණත් තව දින හතළිහකට පමණ විදුලි උත්පාදනයට ප්‍රමාණවත් දැවි තෙල් තිබෙන බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් ඉන්ධන හිඟයක් තියනවා. විදුලි කප්පාදුව වහන්න ගිහින් ඉන්ධන හිඟය හෙළිවුණා. මෙයා සාගර කාරියවසම්ට තියන බය කොහොමද කිව්වොත්, ජල විදුලි භාවිතය 50%කින් වැඩි වෙලා කියමින් බටර් ගානවා.
තව නොබෝ දිනකින්ම විදුලි කප්පාදුවක පෙරනිමිත්තක්...
දවල්ටද මහත්තයෝ?