
(යොහාන් භාසුර)
ඉන්ධන හිඟයක් ඇති වුණේ ඉන්ධන දින දෙක තුනකින් නැති වන්නේ යැයි හිටපු බලශක්ති අමාත්‍යවරයා කළ ප්‍රකාශ නිසා යැයි ආණ්ඩුවේ ඇතමුන් කරන ප්‍රකාශ පිළිබඳව කණගාටු වන බවත් එය එසේ නම් ඉදිරියේදී ඉන්ධන හිඟය සියයට 100 ක් නැති කර පෙන්න ලෙස අභියෝග කරන බවත් හිටපු කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
ඉන්ධන සහ ගෑස් හිඟයට හේතු වූයේ ඒවා ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමට රට සතුව ඩොලර් නොමැති වීම බව කී විමල් වීරවංශ මහතා .ආර්ථික අර්බුදය, විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදය ඒත් සමඟම ඇති වන අර්බුද ගැන ප්‍රකාශ කළ තමන් ඉවත් කර කරලා ඒ හරහා විනිමය උපදවාගැනීමේ හැකියාව ලැබෙන්නේ නම් ප්‍රශ්නයක් නොමැති බව ද සඳහන් කළේය.
මෙම මස 5 වැනිදායින් පසුව විදුලිය නොකපන බව කීවද අදත් විදුලි කප්පාදුවකට සැලැස්මක් ඉදිරිපත්කර ඇති මෙන්ම ගෑස් හිඟය උග්‍රවෙමින් පවතින බවත් මුදල් අමාත්‍යවරයාට අවශ්‍යව ඇත්තේ අර්බුදය උත්සන්න කර රට ඉතාමත්ම ව්‍යවසනකාරී තත්වයකට ඇඳ වට්ටලා බටහිර උපායමාර්ගයට රට ගොදුරු කිරීම බවත් වීරවංශ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොළහතානේ ගෙනාවේ ඔය අය නේද?.