
(කාංචන කුමාර ආරියදාස)
ඉන්ධන මිල ඉහළ යෑම සහ ඉන්ධන හිගය නිසාවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන්ගේ ව්‍යාපාරිකයන් ගේ පැමිණීම 50% වඩා අඩුවීම හේතුවෙන් වෙළඳාම් කටයුතු වලට දැඩි බාධා එල්ලවී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු .බී ඒකනායක මහතා පැවසීය.
වෙනත් දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවත් එහෙත් මේ දිනවල එළවළු කිලෝ ලක්ෂ එකහමාරක් දෙකක් පමණ ප්‍රමාණයක්වත් නොලැබෙන බවත් ඔහු කීවේය.
ඒවා මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් පැමිණීමද අද ( 13 ) අලුයම වන විට 60%- 70% කින් පමණ පහත වැටී ඇති බවද ඔහු සඳහන් කරයි.
යාපනයෙන් පහුගිය දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබුණ ද අද අලුයම යාපනයෙන් එළවළු ලොරි රථ දෙකක් පමණක් පැමිණ තිබෙන අයුරු දැකිය හැකි විය.
තෙල් පොහොර හිගයෙන් බැට කෑ ජනතාව පසුව ඉන්ධන පෝලිම් වල ලතවී දැඩි අපහසුතා මැද වගාකරගත් අස්වැන්න නෙලා ගැනීම සිදුකරන අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීම තුළින් ගොවීන් තවදුරටත් අපහසුතාවයට පත්වූ බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු.බී ඒකනායක මහතා සඳහන් කළේය
ගොවීන් පමණක් නොව මේ වන විට ආර්ථික මධ්‍යස්ථනයේ ව්‍යාපාරිකයින්ද සේවකයන්ට පඩි ගෙවා ගැනීමට සහ අනෙකුත් වියදම් පියවා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ද ඒ මහතා පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට තමයි කාබනික නාඩගම නටලා අස්වැන්න අඩු වුනේ... වෙනදා වගේ අස්වැන්න ලැබුණානම් තෙල් සහ ප්‍රවාහන පහසුකම් නැති නිසා වීසිකරලා දාන්න වෙනවා...
ඔහොම වෙලා මදි මෝඩයින්ට... දැන් සැපද? කිරිබත් කමුද?