(යොහාන් භාසුර)
එක්සත් ජනපදයේ ආර්.එම්. පාර්ක්ස් සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ඛනිජ තෙල් නිෂ්පාදන සම්බන්ධයෙන් ගිවිසුමක් අස්සන් කළේය.
ආර්.එම්. පාර්ක්ස් සමාගම ඩොලර් මිලියන 110 ක් ආයෝජනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
ලොව ප්‍රමුඛ ඛනිජ තෙල් නිෂ්පාදන ආයතනයක් වන ආර්.එම්. පාර්ක්ස් සමාගමට මෙම ගිවිසුමත් සමඟ ‘ෂෙල්’ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ අළෙවි කිරීමේ අවස්ථාව උදාවන අතර ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ආර්.එම්. පාර්ක්ස් සහ ෂෙල් එක්ව ඉන්ධන පිරවුම්හල් 200 ක් ආරම්භ කිරීමට නියමිතය.
එම ඉන්ධන පිරවුම්හල් තුළ සුපිරි වෙළෙඳසැල් සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ පහසුකම් ඇතුළු පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්, රනිල් හාමුට පිංසිද්ඬ වෙන්න හෙට අනිද්දට අපේ වැසිකිළි වලවල් සුද්ධ කරන්නත් ඇමරිකන් කාරයෝ එයි වගේ. වජිර මහත්තයා කිව්ව දේවල් හරියාගෙන එන පාටයි නොවැ.
බළලා මැටියෙන් හරි කමක්නැහැ මියෝ අල්ලනවානම්.