(චන්ද්‍රසිරි ගුණසේකර   සහ පියරත්න ජයවික්‍රම)

ඉන්ධන ලබාගැනීම සඳහා හිනිදුම තවලම ඉන්ධන පිරවුම්හල අසළ පෝළීමේ රැඳීසිටි අයෙකු අද (11)  උදෑසන රියදුරු අසුන තුළදීම මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හබරකඩ තවලම බදුවත්ත ප්‍රදේශයේ පදිංචි සඳගොඩ පතිරණගේ තිලක් කුමාර නැමැති 43 හැවිරිදි විවාහකයෙකි.

ඔහු අද (11) අලුයම 4.30.ට පමණ වාහනයෙන් පැමිණ ඉන්ධන පිරවුම්හලේ පෝළිමට එක්ව සිට ඇත.

ටිකෙන් ටික වාහන ඉදිරියට ඇදී යද්දී මෙම වාහනය ඉදිරියට නොගැනීම නිසා උදේ 6.30 ට පමණ පසුපස සිටි රියදුරා පැමිණ බලද්දී මෙම පුද්ගලයා රියදුරු අසුනේම මියගොස් සිටිනු දැක ඇත.

පසුව පොලිසිය පැමිණ පරීක්ෂණ පවත්වා තිබේ.