IMG-LOGO

ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහල් කටයුතුවලට බාධා

( තිලකරත්න දිසානායක)

සෞඛ්‍ය සේවාවෙහි වෛද්‍යවරයාගේ සිට සෑම අංශයකම කාර්ය මණ්ඩලය සදහා ඉන්ධනහල් මගින් අවහිරයකින් තොරව ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදයක්  සකස් කර දෙන ලෙසත් දිගින් දිගටම ඉන්ධන ලබා ගැනීමේ අපහසුතාවයන්ට මුහුණ පෑමෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකිවීමෙන් රෝහල් සේවාවන් අඩාලවීමේ අවදානමක් පවතින බවත් සෞඛ්‍ය සේවක එකමුතුවෙහි ගම්පහ දිස්ත්‍රික් ශාඛාව පෙන්වා දෙනු ලබයි. 

මේ සම්බන්ධයෙන් ගම්පහදී පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙහි ක්ෂේත්‍ර  23 ක් නියෝජනය කෙරෙන සෞඛ්‍ය සේවක එකමුතුවෙහි කැඳවුම්කරු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛා ලේකම් වෛද්‍ය දයාන් සමරසේකර මහතා සදහන් කර සිටියේ,  දැනට අත්‍යාවශ්‍ය සේවාවන් සදහා පිරවුම්හල්වලින් සලසා ඇති පහසුකම නිසියාකාරයෙන් සිදු නොවන තත්ත්වයක් පවතින බැවින් අපහසුතාවයකින් තොරව ඉන්ධන ලබාගැනීම පිනිස අවස්ථාව සලසා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවය.

මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය සමරසේකර මහතා මෙසේද කීය. 

" රෝහලක සේවාවන් සැලසීම සඳහා වෛද්‍යවරයාගේ සිට සෑම අංශයකම කාර්ය මණ්ඩලය සිටිය යුතුයි. අද වනවිට කාර්ය මණ්ඩලය ඉන්ධන ලබා ගැනීම පිනිස පෝලිම්වල සිටීම මත සේවාවන්ට පැමිණීමේ අඩුවක් පවා පෙනෙන්නට තිබෙනව. අපි ඉල්ලා සිටින්නේ රාජකාරී ස්ථානයන්ට පැමිණීම පිනිස ඉන්ධන ලබා ගැනීමට ක්‍රමයක් ඇති කරන ලෙසයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමේ ක්‍රමයක් සකස් කර දෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය මගින් දිසාපතිවරයා සමග කරන ලද සාකච්ඡාවේදී සෑම පිරවුම්හලකදීම සෞඛ්‍ය සේවකයින් සදහා ප්‍රමුඛතාවය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම,  සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සතියකට වරක් ඉන්ධන ලබා ගැනීමට ටෝකන් පතක් ලබාදීම සහ සතියකට යතුරු පැදියක්  සදහා ඉන්ධන ලීටර් හයක් , ත්‍රීරෝද රථයකට ලීටර් දහයක් සහ කාර් ඇතුලු වාහන සදහා ඉන්ධන ලීටර් තිහක් ලබා ගැනීමට යෝජනා කරනු ලැබූව."

වෛද්‍ය තිලක් පෙරේරා මහතා  (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාවෙහි ලේකම්) :-  " පසුගිය දිනක සෞඛ්‍ය සේවා ඇතුලු අත්‍යාවශ්‍ය සේවාවන් සදහා එක් පොම්පයක් වෙන් කොට ඇති ගම්පහ සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් පෙට්‍රල්  ලබා ගැනීමට මට හැකි උනේ අලුයම හතරටයි. අපගේ සේවාව අනුව මෙසේ රැදී සිටිමින් ඉන්ධන ලබා ගැනීම අපහසු නිසා බාධාවකින් තොරව සෞඛ්‍ය සේවාවට ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදයක් කඩිනමින් බලාපොරොත්තු වෙනව. " 

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉන්ධන ලබාගැනීමේදී පිරවුම්හල්වලදී අවහිර කිරීම් නොකොට සෞඛ්‍ය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යාම පිනිස ජනතා සහාය අපේක්ෂා කරන බවද මෙහිදී ප්‍රකාශ විය.  

මෙම මාධ්‍ය හමුවට සෞඛ්‍ය සේවක එකමුතුවේ කැඳවුම්කරු ප්‍රදීප් නිශාන්ත සිල්වා , ප්‍රගතිශීලී සෞඛ්‍ය සෞඛ්‍ය සේවා සංගමයේ වතුපිටිවල රෝහල් ශාඛා ලේකම් නිශාන්ත වනසිංහ,  ප්‍රවාහන හා ගිලන්රථ රියදුරු සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක තිලකරත්න පෙරේරා සහ ජී.බී.අමිත් කුමාර යන මහත්වරුන්ද එක්ව සිටියහ. 

( ඡායාරූපය:- වෛද්‍ය දයාන් සමරසේකර මහතා සදහන් දැක්වූ අයුරු)



අදහස් (0)

ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහල් කටයුතුවලට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site