IMG-LOGO

ඉන්ධන ප්‍රශ්න විසඳන්න කෝප් කමිටුවෙන් නිර්දේශ මාලාවක්

(සුජිත් හේවාජුලිගේ )

ඉන්ධන ප්‍රශ්න විසඳීම සඳහා පොදු ව්‍යාපාර  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) බලශක්ති අමාත්‍යාංශයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශ  මාලාවක් අලුතින් ලබාදී ඇත.

ජනතාවට හිඟයකින් තොරව ඉන්ධන  බෙදාහැරීම   කාර්යක්ෂම කිරීම සහ ඛනිජ තෙල්  නීතිගත සංස්ථාවේ  කටයුතු විධිමත් කිරීම මෙම නිර්දේශ මාලාව ලබාදීමේ තවත් අරමුණක් බව කෝප්  කමිටුව පවසයි.

මේ යටතේ  ඉන්ධන  නැව් වෙනුවෙන් ප්‍රමාද ගාස්තු ගෙවීම  ඉදිරියේදී අඩු  කරගන්නැයි  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් )  බලශක්ති අමාත්‍යාංශයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශ කර ඇත.

මේ අතර මෙරට ඛනිජ තෙල් සදහා පවතින අවශ්‍යතාව සහ  ඛනිජ තෙල්  මෙරටට ගෙන්වා ගැනීමට ගතවන කාලය ආදිය පිළිබඳව විද්‍යානුකූල අධ්‍යයනයක් කිරීමේ අවශ්‍යතාවද  එම කමිටුව පෙන්වාදී ඇත .

එවැනි යාන්ත්‍රණයක් සඳහා  සැලසුමක් නැති අවස්ථාවක විවිධ දූෂණ වංචා සිදුවීමට වැඩි ප්‍රවණතාවයක් ඇතිවන බව කෝප් කමිටුව පෙන්වා දෙයි.

ඉන්ධන ප්‍රවාහනයේදී විවිධ හේතූ නිසා  නැව්වලට  ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව පවසන කෝප්  කමිටුව  නළ මාර්ග අවහිරවීම් වැනි හේතු නිසාද  එවැනි ප්‍රමාදයන් සිදුවන බව සඳහන් කරයි

ඉන්ධන නැව් සඳහා 2018 වර්ෂයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව  ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක ප්‍රමාද ගාස්තු ගෙවා ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි .2019 වර්ෂයේදී  ඉන්ධන නැව් සඳහා ගෙවා ඇතැයි පැවසෙන ප්‍රමාද ගාස්තුවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන එකකි.

ඉන්ධන නැව් සඳහා ප්‍රමාද ගාස්තු 2020 වසරේදී  ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂයකින් පමණ  අඩු කරගත් බව  බලශක්ති අමාත්‍යාංශයේ  ලේකම්වරිය  කෝප් කමිටුවට පැවසුවාය.

මේ අතර හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ආරක්ෂිත ඉන්ධන  තොග පවත්වාගෙන යන ලෙසටද  කෝප් කමිටුව බලශක්ති අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත.

ඛනිජ තෙල් සම්බන්ධ දත්ත හා ක්‍රියාකාරීත්වය නියාමනය කිරීම සඳහා මැදිහත්වීමට ආයතනික ව්‍යුහයක් සකස් කරන ලෙසටද කෝප් කමිටුව බලශක්ති අමාත්‍යාංශයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට   වැඩිදුරටත් නිර්දේශ කර ඇත.

ඉන්ධන  ආරක්ෂිත තොග පවත්වාගෙන යෑම සඳහා ටැංකි ධාරිතාව වැඩි කරන ලෙසද   කෝප් කමිටුව දැනුම්දී  ඇත.



අදහස් (1)

ඉන්ධන ප්‍රශ්න විසඳන්න කෝප් කමිටුවෙන් නිර්දේශ මාලාවක්

Sunil Friday, 18 March 2022 06:16 PM

වරායෙ සති 2ක් පුරා තිබෙන ඉන්ධන මුදා ගන්නත් මුදල් නැහැ. තව ඉන්ධන සංචිත පවත්වාගෙන යන්නේ කෙසේද? ඔල මොට්ටලයන්ට ගිය රටක් මේක...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 12 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 660 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site