
(මහින්ද නිශ්ෂංක)
ලංකා ඛණාජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හරිනු ලබන පෞද්ගලික ටැංකි රථ හිමියෝ(බවුසර්) අද(15) මධ්‍යම රාත්‍රියේ සිටි සංස්ථාවේ ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60කින් ඉහළ දමන ලෙස සංස්ථාවේ පාලන අධිකාරියෙන් කළ ඉල්ලිමට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අද(15) හවස රැස්වූ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹි බව ලංකා ඛණජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හරිනු ලබන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.
ඉන්ධන මිල වැඩිවීම සහ ඩොලරය ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් වැඩි කරන ලෙස සංගමය පාලනාධිකාරියෙන් ඉල්ලිමක් කල බවද ඔහු පැවසීය.
ඉන්ධන මිල වැඩිවිම සහ ඩොලරය ඉහළ යාමට අමතරව ලිහිසි තෙල් සියයට 75 කින් ඉහළ යාම, ටයර් මිල වැඩිවීම ඇතුලු කරුණු කිහිපයක් නිසා මෙම ප්‍රවාහන ගාස්තු වැඩිවීමට ඉල්ලීමක් කළ බවද දින දෙකක් තුළ විසදුමක් නොලැබීම නිසා ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත්වීමට තීරණය කළ බවත් කීය.
දැනට සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීම ස`ඳහා පෞද්ගලික ටැංකි රථ 800 ක් පමණ සේවයේ යෙදවනු ලබයි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම හොරා කන්න ,ඉල්ලන්න වැඩි කරන්න .... හැම දෙයක්ම වැඩි වේවි තියෙයි.
මේක නම් අනිවාර්යයෙන්ම අනුමත වේවි.මොකද වැඩි හරියක් තියෙන්නේ බල පුළුවන් කාරයන්ගේ වාහන නේ
රට බංකොළොත් කරපු මේ කාලකණ්ණි ආණ්ඩුව ගෙදර යවමු.