IMG-LOGO

ඉන්ධන පිරවුම් හළක භූමිතෙල් භූගත ටැංකියකට සීල්

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර,යාපනය හන්දිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හළක භුමිතෙල් ගබඩාකර ඇති භුගත ටැංකියට හා පොම්පයට මුද්‍රා තැබු බව පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි බි.ඒ.සි.පි.පෙරේරා මහතා පැවසිය.

භුමිතෙල් ලීටර් 4,770 ක් භූගත ටැංකියේ තිබියදි පාරිභෝගිකයන්ට භුමිතෙල් ලබානොදිමේ චෝදනාව මත ඊයේ (12) මෙලෙස සීල් තැබීමට කටයුතු කර තිබේ.    

ප්‍රදේශවාසින්ගේ ලද පැමිණිල්ලක මත උපාය දුතයෙකු යොදවා සිදුකළ පරික්ෂණයකින් පසුව පාරිභෝගික අධිකාරිය විසින් මෙම පියවර ගෙන තිබුණි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් බෝතලයකට භුමිතෙල් ලිටරයක් රැගෙන එන ලෙසට උපාය දුතයෙකු මෙම ඉන්ධන පිරවුම් හලට යවා ඇති අතර එහිදි එක් සේවකයෙකු කියා සිටියේ භුමිතෙල් නොමැති බවයි.තවත් සේවකයෙකු කියා ඇත්තේ පොම්පය ක්‍රීයාවිරහිතව ඇති බවකි.

ඒ අනුව එම ස්ථානයට ගිය පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පොම්පය පරික්ෂා කර ඇති අතර එයා ක්‍රියාත්මක නොවන නිසා සිදුකළ පරික්ෂණයේදි අනාවරණයවි ඇත්තේ පොම්පය ක්‍රියාත්මක වන විදුලි සබඳතාවය අක්‍රීය කොට ඇති බවයි.

ඒ අනුව විදුලි බලය සක්‍රීය කළ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් භුමිතෙල් ගබඩාකර ඇති භූගත ටැංකියද පරික්ෂා කොට තිබේ.

එහිදි එම භුගත ටැංකියේ භුමිතෙල් ලිටර් 4,770 ක් ඇති බවට තහවුරුවීමෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

තොග සන්තකයේ තිබියදි පාරිභෝගියන්ට ඒවා නිකුත් නොකිරිම යන චෝදනා මත ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුවන්ට විරුද්ධව අධිකරණයම ක්‍රියාමාර්ගයක් ගන්නා බවද පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන  නිලධාරි බි.ඒ.සි.පි.පෙරේරා මහතා පැවසිය.



අදහස් (0)

ඉන්ධන පිරවුම් හළක භූමිතෙල් භූගත ටැංකියකට සීල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 128 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site