(සුජිත් හේවාජුලිගේ)
සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉන්ධන හිඟය නිසා විශාල වශයෙන් අඩපණව ඇතැයි එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සාමාන්‍යයෙන් අවුරුදු සමයේදී සුරාබදු දෙපාර්තමේන්තුව වැටලිම් රාශියක් සිදු කරන අතර ඉන්ධන ප්‍රශ්නය නිසා වැටලීම් සාමාන්‍ය ආකාරයට කිරීම දුෂ්කරවී ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.
මේ අතර මත්පැන් අලෙවිසල්වල මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීමේ කටයුතු සඳහා සුරාබදු නිලධාරීහු විශාල පිරිසක් දිවයින පුරා යොදවනු ලැබ සිටිති. මේ තත්ත්වය නිසාද වැටලීම් බොහොමයක් අඩාලවී ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd