(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
ඉන්ධන රැස්කර බලපත්‍ර නොමැතිව අධික මිල ගණන්වලට විකුණා ජාවාරම් කරන ලද පුද්ගලයන් 68 කු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
එම සැකකරුවන් බාරයේ තිබූ පෙට්රල් ඉන්ධන ලිටර් 8025 ක් ඩීසල් ඉන්දන ඉන්ධන ලීටර් 726 ක් පොලිසිය භාරයට ගෙන ඇත
වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදු කර ඇත්තේ මධ්‍යම පළාතෙන් බවත් වැඩිම ඉන්ධන තොගයක් අත්අඩංගුවට ගැනුණේ වයඹ පළාතෙන් බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
පොලිස්පති වරයාගේ උපදෙස් මත මෙම වැටලීම් සිදුකරන බවත් 1961 අංක 28 දරණ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත, හා 1979 අංක 34 දරන කනිජ් තෙල් නිෂ්පාදනය පාලනය සැපයීම නියාමන පනත, 1887 අංක 6 දරන ඛනිජ තෙල් ආඥා පනත ආදී පනත් යටතේ ලැබී තිබෙන නෛතික තත්වය යටතේ පොලිසිය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒකාබද්ධව මෙම වැටලීම සිදුකරන බවත් හෙට දිනයේ සිට වැටලීම් වැඩි කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි බූලි අරගෙන නැහැදිච්ච විදිහට පෝලිම්වල ලැගගෙන කළේ. නීතිය හොඳින්ම ක්‍රියාත්මක වෙන්න ඕන නැවත කිසිදා මෙවැනිි බාල වැඩ නෙකරන්න