
(ඩයනා උදයංගනී)
ඉන්ධන හා ගෑස් ලබාදීමේදී සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට ප්‍රමුඛතාව දෙන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අදාළ විෂයභාර ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ඉන්ධන හා ගෑස් අලෙවි මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙස ඇමතිවරයා ඉල්ලා ඇත.
මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටට සංචාරකයන් 235,000 කට ආසන්න පිරිසක් පැමිණ ඇති බවත්, සංචාරකයන් 50,000 කට ආසන්න පිරිසක් මේ වන විටත් රට තුළ සිටිනු ඇතැයි අපේක්ෂා කරන බවත් කී ඇමතිවරයා රටට විදේශ විනිමය උපයන සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙනයාම සදහා සහයදීම ජාතික අවශ්‍යතාවයක් බව සඳහන් කරයි.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන හා ගෑස් ලබාදීමේ දී සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන ආයතන හා පුද්ගලයන්ට ප්‍රමුඛතාව ලබාදීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ගෑස් සමාගම් හරහා අවස්ථාව සලසන ලෙස ද ඇමතිවරයා ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්... මොකද ලංකාවේ අය කන්නේ තණකොළ නිසා... ඔවුන්ට උයන්න අවශ්‍ය නෑනේ...
එතකොට මහජනයා? මේවා අත්‍යාවශ්‍ය දේවල්. අනික් ඇමැතිලාත් ඔහොම කිව්වොත්…
ඔව් ඔව්.. අනිවාර්යයෙන් දෙන්නම්...! මෙට්ට...
ඇත්තම කියනවා නම්, කුක්කන්ට වඩා බඩතඩි බල්ලන්ට ප්‍රමුඛත්වයක් දිය යුතුයි. එවුන්ට ගොඩක් කෑම බීම අවශ්‍යයි.
ඇයි රුසියන් යුක්රේන කාන්තාවෝ ගන්න වෙන්න ඇති. ඉස්සර වෙලාම රටේ මිනිසුන්ට සහන දීලා බලන්න.
ඔය හැමෝටම ප්‍රමුඛත්වය ඉල්ලනවා. හැබැයි ඔයාලාට කිසිම හෙනයක් නැතිව ඩොලර් ලැබෙන සේවා සපයන අපිට කිසිම දෙයක් නැහැ.. අඩුම ගානේ මේ යන විදියට ජෙනරේටර් දුවාගන්නවත් ඩීසල් ගන්න බැරිවෙනවා. හැබැයි අපි ඔයාලාගෙන් කිසිම දෙයක් ඉල්ලලත් නැහැ.. කරුණාකරලා පෙට්‍රල් ඩීසල් වත් දෙන්න. එක්කෝ කරන්ට් එක දෙන්න..! .
මෙයාලා බයිලා කියවනවා... මේ ආණ්ඩුවෙන් ගොඩ ගිය අධිවේගී ටිපර් කාරයෝ ටිකයි, හොරෙන් වැලි, පස් අදින ටිපර් ටිකයි විතරයි. රටේ තියෙන ඩීසල් ටික ගහගන්නේ...
ඇමැති කෙනෙක් වුණේ සංචාරක කතිරයෙන්ද? මහජනයාට කෙළවන නුඹලාට සාප වේවා..!
ජනතාව කුසගින්නේ මැරුණත් මොකද? සංචාරකයෝ එවන්නම්. එක්සත් රාජධානියයි, කැනඩාවයි දැනටමත් අවවාද නිකුත් කරලා. අනෙක් රටවලුත් ළඟදීම එසේ කරාවි. සංචාරක කර්මාන්තය තවත් දියුණු වේවි..!
සර් ෆේල්, හොරකම් කළේ නැතිනම් අපිට මෙහෙම වෙන්නේ නැහැ. යුද්දෙ කාලෙවත් අපිට මෙහෙම වුණේ නැහැ. අසාර්ථක ව්‍යාපෘති කරන්නේ ණය අරන්...
මොන මගුලක් කරනවද? මෙච්චර මිල ඉහළ ගිහිල්ලත් ඩීසල්, පෙට්‍රල් ටික පිළිවෙළකට දෙන්න බැරි ආණ්ඩුවෙන් වැඩක් තිබෙනවද? කරුණාකර බැරිනම් ගෙදර යන්න... එහෙම නොකළොත් මිනිස්සු මිරිහාන වට කරාවි...