(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තල, ආණමඩුව හා සාලියවැව ඉන්ධනහල්වලට ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිස් අතර  දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇත් වූ බව ඉන්ධනහල් හිමියෝ පවසති.

දින ගණනක් පොලිම්වල පිරිස සිටියදි පෝලිම් පැන ඉන්ධන ගැනීමට ආ පිරිස් මෙසේ ගැටුම් නිර්මාණය වී ඇත.

ඇතැම් පිරිස්  ඩිසල් ලබා ගැනිමට  රුගෙන ආ බූලිවලින් එකිනෙකා පහරදී ගනිති. ඩීසල් සීමිත ප්‍රමාණයක් පැමිණීම මෙම ගැටුම්වලට මූලික හේතුව බව ද ඉන්ධනහල් හිමිකරුවෝ කියති

කෙසේ නමුත් මෙම ඉන්ධනහල්වලට පොලිස් ආරක්ෂා ලබා දී තිබුන ද මෙම ගැටුම් සිදුවු සෑම අවස්ථාවකම පොලිස් නිළධාරින් එම ස්ථාන වල නොසිටි බවද කියයි.