(යොහාන් භාසුර)
ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා විදේශ විනියම ආරක්ෂාකරගානීම සඳහා ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසීය.
රජය විදේශ විනිමය පරිහරණයේදී ඉන්ධන ආනයනයට වැඩි බර තැබීමක් කිරීම නිසා මෙම වසරේ පළමු මාස හයේ ආයනයන වියදමින් සියයට 18 ක් ඉන්ධන ආනයනට වැය කර ඇති බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම ප්‍රමාණය අවසන් මාස හයේ සියයට 25 ක් පමණ වීම වළක්වාගත යුතු යැයි ද සඳහන් කළේය.
ජනතාව ඉන්ධන අමරපිමැස්මකින් යුතුව වගකීමෙන් පාවිච්චි කිරීම ජාතික වගකීමක් බවත් ඉන්ධන ආනයනයේ කිසිඳු අඩුවක් කරන බවක් මෙයින් අදහස් නොවන බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් නැතිනම්, මුදල් ඇමැතිගෙනුයි.., අගමැතිගෙනුයි, ජනාධිපතිගෙනුයි ඉල්ලගන්න.
හා සර්... අපි පයින් යන්නම්..!!!
ඔය වක්‍රාකාරයෙන් කියන්නේ නුදුරු අනාගතයේ රටේ ඉන්ධන හිඟයක් එනවයි කියන එක...
ඔබගේ පුද්ගලික ගමන් සීමාකරන්න. ඉතාමත් හදිසි කාරණයකට හැර අනෙකුත් ගමන්වලට බයිසිකලයෙන් යන්න. ගොන් බැඳි කරත්තයක් වුණත් කමක් නැහැ. ඔබ සතුව කාරයක් ඇතිනම් ගමනේ දුෂ්කර කොටස කාරයෙන්ද? ඉතිරි කොටස යාමට බයිසිකලයක්ද, කාරයේ ගෙනයන්න. පෙට්‍රල් / ඩීසල් වලින් කරන අනවශ්‍ය ක්‍රීඩා නතර කරන්න...
මෙයාටත් තියෙන්නේ අර නායක හාමුදුරුවොත් එක්ක හිටපු වෙලාවේ පහළ වෙච්චි බුද්ධියක්...
මෝඩ ඇමැතියන් ටිකක් දාගෙන අපි විඳින දුකක්...
බොලාම තමයි ඕක කරන්න ඔනේ... මොකද අපිට තියෙනවද තෙල් බොන, සැප වාහන? අපි යනකොට යන්නේ එක වාහනයයි. බොලා යනකොටනේ වාහන 60ක් විතර නුඹලාගේ තනියට යන්නේ...
රට ටික දවසකට හරි වැහුවා නම් ඔය ප්‍රශ්න 02ටම උත්තර ලැබෙනවා. 5000 ඉතිරි කරගන්නයි, ඩොලර් ඉතිරි කරගන්නයි... දෙකම එක සැරේට බෑ ගොයියෝ...
ප්‍රාඩෝ, ලෑන්ඩ්කෘෘසර් පැත්තකට දාන්න. සාමාන්‍ය සැප පහසු ඉන්ධන පිරිමහන වාහනයක් අරන්... ඔය පිටිපස්සේ යන රථ පෝලිම නවත්වන්න. එතකොට අපිත් ඔයාලා දිහා බලලා හැදෙන්නම්...
කෝ අපේ වහල්ලු සෙට් එක? ප්‍රතිචාර දක්වන්න ඉස්සරහට එන්න.
ලොකු එන්ජින් ධාරිතාවක් තියෙන V8 පදින එක නවත්තලා ටොයෝටා ප්‍රියර්ස් එකකින් ඔබතුමාලා ගමන් බිමන් යනදාට ඔය කතාව අපිට කියන්න. එදාට සලකලා බලන්න පුළුවන්...