IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඉන්ධන QR ඉවරයි

(යෙහාන් භාසුර)

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අද (1) දිනයේ සිට අත්හිටුවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවසීය.

අමාත්‍ය කංචන විජේසේකර මහතා, කොළඹ 7, මල් පාරේ පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී අද (1) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන තොග, ඉල්ලුම, මුදල් ප්‍රමාණය, ඇනවුම් කළ හැකි ප්‍රමාණය රටේ පවතින සංචිත ප්‍රමාණය යන සියල්ලම සැළකිල්ලට ගෙන කිව්.ආර්. ක්‍රමවේදයෙන් බැහැර වියහැකි යැයි තීරණය කළ බවත් කිව්.ආර්. ක්‍රමවේදය ඉදිරියේදී වෙනත් ක්‍රමවේදයක් හරහා සීමාවන්ගෙන් තොරව තොරතුරු ලබාගැනීම සඳහා භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කීය.

එම ක්‍රමවේදය ඉවත් කළ පසුව බැරල් සහ බූලිවලට ඉන්ධන එකතු කිරීමට පිරවුම්හල්වලට එකතු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී අමාත්‍යවරයා තම තමන්ගේ රථවලට සහ යන්ත්‍රවලට අවශ්‍ය ඉන්ධන කිව්.ආර්. සීමාවෙකින් තොරව ලබාගැනීම සඳහා මේ වන විට අවස්ථාව ලැබී ඇති බව ද සඳහන් කළේය.

මෙරට ඉන්ධන අළෙවි කරන අයි.ඕ.සී. සහ සිනොපෙක් ඇතුළු සියලුම ආයතන කිව්.ආර්. කේතයෙන් ඉවත් වන බවත් කිව්.ආර්. ක්‍රමවේදයෙන් ඉවත් නොවන ලෙස ඉන්ධන පිරවුම්හල්වලින් ඉල්ලා සිටින බවත් අමාත්‍ය විජේසේකර මහතා කීය.

පිරවුම්හල් කිව්.ආර්. කේතයේ නියමිත ප්‍රමාණයට දුන්නත් ඊට වඩා දුන්නත් තොරතුරු ලබාගැනීමට ක්‍රමවේදයක් ලෙස කිව්.ආර්. කේතය ඉතාමත්ම වැඳගත් බව කී අමාත්‍යවරයා සඳහන් කළේ වසරක කාලයක් කිව්.ආර්. ක්‍රමය පාවිච්චි කිරීමෙන් ඉන්ධන ආනයනය සඳහා මූල්‍ය ශක්තිය ඇතිකරගැනීමේ අවස්ථාව ලැබුණු බවත්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව පසුගිය මාසයක පමණ කාලය තුළ කිව්.ආර්. කේතයේ අවශ්‍යතාව පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරු වන ඩී. වී. චානක සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වැ කළ අධ්‍යනයකින් පසුව අත්හිටුවීමේ තීරණය එළඹි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට ලක්වීමෙන් 2021 වසරේ ඉන්ධන හිඟයක් ඇතිවී ඉන්ධන පෝලිම් ඇතිවීමත් සමඟ ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත් කිරීම සදඟා පසුගිය වසරේ අගෝස්තු මස 1 වැනිදා මෙම කිව්.ආර්. කේතය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය හදුන්වා දුන්නේය. 



අදහස් (9)

ඉන්ධන QR ඉවරයි

sanka Friday, 01 September 2023 01:02 PM

තෑන්ක්ස් අපට අඩුවුනේ එච්චරයි...!

:       8       38

සිල්වා Friday, 01 September 2023 01:39 PM

ඒත් හදිස්සියකට උවමනා වෙන්නත් බැරි නෑ. සිස්ටම් එක ආරක්ෂා කර තබා ගනිමු...

:       3       50

Truth Friday, 01 September 2023 01:56 PM

ඉන්ධන මිල උස්සලා QR කැන්සල් කියනවා. අපි කොහෙන්ද හිනාවෙන්න ඕනේ කාංචන...

:       20       47

Hemantha Friday, 01 September 2023 02:06 PM

ඉන්ධන මිල වැඩිවීම මගහැරීමට QR කේත ක්‍රමය අයින් කරනවා එදාටම... එතකොට අද රෑ news වලට කියනවා කේත ක්‍රමය අහෝසියි කියලා. ඉන්ධන මිල වැඩිකිරීම අමතක වෙනවා. හරිම සරලයි අපේ පාලකයෝ අපිව රවට්ටන විදිය...

:       17       45

රිෆාන්Friday, 01 September 2023 02:49 PM

ඔබ ජනතාව රවටන පාලකයින්ගේ බොළඳ කථා ගැන කථා කරනවා. නමුත් පාලකයෝ දන්නවා අප රටේ බහුතරය රවට්ටන්න මේ වගේ බොළඳ කථාවක් ප්‍රමාණවත් බව...

:       37       32

Perakum Friday, 01 September 2023 03:10 PM

හේමන්ත, අපේ රටේ දේශපාලන උප්පර වැට්ටි ගැන දන්නේ නෑ වගේ…!

:       16       16

Deepal Nirosh Friday, 01 September 2023 08:34 PM

ඉන්ධන කියන්නේ සම්පූර්ණයෙන් ආනයනික භාණ්ඩයක්, රට විදේශ ණයබරින් මිරිකිලා, ණය වාරික ගෙවා ගන්න බැහැ. එහෙව් තත්ත්වයක ඉඳගෙන මේ වගේ රටේ ආර්ථිකයට ඉතා පිරිමැසුම්දායක ක්‍රමයක් ඉවත් කරන්න තීරණය කරන දේශපාලුවෝ මෙන්ම ඔවුන්ට උපදෙස් දෙන නිලධාරි හැතිකරය ඉන්න තුරු මොන සුභ අනාගතයක්ද?

:       3       33

Buddhika Friday, 01 September 2023 08:50 PM

Sinopac නිසා නෙමෙනේ...

:       25       7

විජේ Saturday, 02 September 2023 01:10 AM

ඒ කියන්නේ තෙල් ගෙන්නුවේ නැත්තේ සල්ලි නැති නිසාම නොවේ....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site