
(අජන්ත කුමාර අගලකඩ)
ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් කෝටි 100 ක ණය මුදල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ඖෂධ සහ දේශීය නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය වර්ග ආනයනය කිරීම සඳහා යොදා ගැනීමට රජය තීරණය කර ඇත.
ඉන්දිය රාජ්‍ය බැංකුවෙන් ලැබෙන මෙම ණය මුදලට අදාළ ගිවිසුමට, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයේදී අත්සන් කිරීමට නියමිතව ඇත .
ඇමැති බැසිල් රාජපක්ෂ මහතා දෙදින සංචාරයක් සදහා මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර් .ආටිගල මහතා ද සමග ඉන්දියාව බලා ඊයේ (15) පිටත්ව ගියේය .
මෙම ණය පහසුකම යටතේ ආනයනය කළමනාකරණය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ ඉන්දියානු ණය පහසුකම් සම්බන්ධීකරණ ඒකකයක් ද පිහිටුවීමට යෝජනා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කෑවා මේ ආණ්ඩුව...
ණයට මුදල් අරන් කමු, බොමු. ගෙවන දිනේට රටෙන් කොටසක් ඔවුන්ට විකුණමු. ඊට පසුව ඇති ප්‍රශ්න සාමාන්‍ය ජනතාවට පවරලා ඔබලා ඔබලාගේ මව්රටට යන්න...
නිගන්ඨනාථ පුත්තගේ ඉගැන්වීම තමයි ණයට හෝ අරගෙන ගිතෙල් කන්න කීම. මාලුවා නැහෙන්නේ කටනිසා කියලා අපි නම් අහලා තියෙනවා. අපිත් කාලාම නැහෙමු.
රාජපක්ෂ කියලා නම ගහලා තව කුළුණු ටිකක් ගහපල්ලා... රට වටේම...!
මුදල් දුන්නොත් හොරාකන විත්තිය දන්න හන්දා ද්‍රව්‍යමය ආධාර දීම වඩාත් සුදුසුයි. හොරකම ටිකක් විතර අඩුවෙයි. හැබැයි සුදුළූණු වගේ වැඩේ වෙයිද දන්නේ නැහැ.
අපි මොනතරම් කයිවාරු ගැහුවත්, අපි දැන් ඉන්දියාවේ යටත් විජිතයක් වී හමාරයි.