(විමුක්ති එස් රොද්‍රිගු)
උතුරු පලාතේ පදිංචිව සිටින ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සරනාගත පවුල් 7000කට අයත් පුද්ගලයන්12500ක් වෙනුවෙන් විශේෂ ජංගම සේවාවක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
මෙම ජංගම සේවාවේදී මෙරට පුරවැසිභාවය ලබාගැනීම ඇතුළු ගැටළුවලට විසඳුම් ලබාගැනීමට හැකියාව තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කලේය.
මෙම ජංගම සේවාව ලබන සඳුදා දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සහ එළඹෙන පළමු වෙනිදා කිලිනොච්චිය නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව අධිකරණ අමාත්‍යාංශය දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් රටක පුරවැසියන්ට මෙරට පුරවැසි භාවය දෙනවා නම් එයට රටම පිළිගත්ත නීත්‍යානුකූල ක්‍රමයක් තිබිය යුතුයි. ජේ.ආර්. දුන්නා වගේ අලියා පෙන්නලා කතිරෙ ගහපං කියලා පුරවැසි භාවය දුන්නාම ඔවුන් රට ගැන, රටේ ඉතිහාසය ගැන, සංස්කෘතිය ගැන කිසිවක් නොදැන අන්තිමට කෑලි ඉල්ලමින් සටන් කරනවා...
කොහේවත් යන කුණු කරදාගන්න පාලකයෝ තමයි අපේ රටේ ඉන්නේ.. ඉන්දියාවෙන් නෙවෙයි, හඳෙන් ආවත් ලංකාවෙ නෙවෙයි නම් හරවලා යවන්න තියෙන්නේ... රටේ මිනිස්සුන්ට කන්න නැතිව දුක් විඳිනවා. තවත් හිඟන්නෝ ගෙනත් රට පුරවනවා..
ඔන්න ණයවෙලා වන්දි ගෙවන්න පටන් අරගෙන වගේ...!