
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉන්දියානු ණය සහනාධාර යටතේ ඉන්ධන ආනයනය කිරීමට ගත් ණය පියවීම සඳහා රුපියල් කෝටි විසි තුන් දහස් එකසිය පනහක ( 23150) ප්‍රතිපාදන අනුමත කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
මෙම පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
එම ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇත.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 31 වැනිදා රැස්විය. පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය හිමි වූයේ එම රැස්වීමේදීය.
මේ අනුව මෙම මුදල් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් ගත් ණය පියවීමටත් මහා භාණ්ඩාගාරය ඉන්දියානු ණය සහනාධාර යටතේ ගත් ණය පියවීමටත් භාවිතා කරන බව මුදල් අමාත්‍යංශයේ නිලධාරීහු එහිදී පැවසූහ.
මෙම මුදලින් රුපියල් කෝටි 12900ක් ශ්‍රී ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ලබා ගන්නා බවත් ඉතිරි රුපියල් කෝටි 10200 ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ලබා ගන්නා බවත් මෙහිදී ප්‍රකාශ විය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඩොලර් කෝටි 100ක පාඩුවක් ලබා ඇති බවත් මෙම අතිරේකය ප්‍රමාණවත් වන්නේ මුළු ණය ප්‍රමාණයෙන් සියයට 30 ක් කියවීමට පමණක් බවත් සඳහන් විය.
එසේම මෙම පරිපූරක ඇස්තමේන්තු මුදල ලැබීමෙන් පසුවද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි 30000ත් 40000ත් අතර ප්‍රමාණයක් බවද මෙහිදී නිලධාරීහු පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට ගැන දුකයි.. ණය උගුලක පැටලෙව්වා සියලුම නායකයින් ටික එකතුවෙලා...!
මෙහෙව් ණය තිබෙන වෙලාවකද පාහර ජෙප්පෝ පඩි වැඩිකරන්න කියලා ජනතාව පොළඹ වන්නේ... ඔය කාලකන්නින් බලය ලැබුණොත් ණයත් ගෙවා පඩිත් වැඩි කරනවාද? ඔවුන්ට එහෙම කරන්න පුළුවන් කියා මේ මෝඩ ජනතාව හිතනවද? ජෙප්පෝ බලයට ආවගමන් මිනිරන් ග්‍රැෆයිට් කරනවාලු. ගෙදර කුස්සියේ වෙන්න ඇති කරන්නේ. අවුරුදු සිය ගාණක් මිනිරන් කර්මාන්ත කරපු අපි මිනිරන් ග්‍රැෆයිට් කරන්න පුළුවන් බව දැනගෙන ඉඳලා නැහැ...!
රනිල් පෝලින් නැති කලේ ණය අරගෙන. දැන් ඉතින් ගෙවපන් ණය. ඝෝටා ණය නොගෙන රට ගෙනියන්න බැලුවා. පාහර ජෙප්පෝ ඒකට ඉඩ දුන්නේ නැහැ. ණය ගෙවනකොට තමයි අපිට තරු පෙනෙන්නේ. 20000 වැටුප් වැඩි වීම දීල රජය විසුරුවා හැරපල්ලා. ඊළඟට එන එකාල කරන හැටි බලන්න.
දැන්වත් හොඳට හිතලා හරි පාරේ යමු. මොකද වෙනසක් කරන්න පුළුවන් පිරිස තවමත් බලයට පැමිණියේ නැහැ...!