
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්තාවක සමූහ දූෂණයට ලක්කර මරාදැමූ සිද්ධියෙන් පසු හත්‍රාස් දිස්ත්‍රක්කයේ විරෝධතාකරුවන් පිරිසක් හා පොලිසිය අතර ගැටුම් ඇතිවී තිබේ.
මියගිය කාන්තාවගේ දේහය ආදාහනය කිරීමෙන් පසු විරෝධතා ආරම්භ විය.
විරෝධතා අතරතුර කලහකාරීව හැසිරුණු 25 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇත.
දිස්ත්‍රික්කයේ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර පස්දෙනකුට වඩා රැස්වීම තහනම් කරමින් නියෝගයක් ද පනවා ඇත.
අවුරුදු 19ක් වයසැති මෙම තරුණිය පහරදීමට ද ලක්ව ඇති අතර සිරුරේ ඇතිවූ තුවාල හේතුවෙන් අඟහරුවාදා (29) මියගියේය.
අපරාධය සම්බන්දයෙන් පොලිසිය සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි. මියගිය තරුණිය ඉන්දියාවේ පහත් කුලයකට අයත්යැයි සැලකෙන දලිත් ප්‍රජාවට අයත් වන අතර අත්අඩංගුවට පත් සිව්දෙනා ඉහල කුලයකට අයත් අය බව සඳහන් වේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය විසින් පාලනය කරන උත්තර ප්‍රාන්තය ඉන්දියාවේ අනාරක්ෂිතම කළාපය ලෙස සැලකේ.
ලෝකයේ රටවල් අතරින් ඉන්දියාව කාන්තාවන් සඳහා අනාරක්ෂිතම රටක් බවත් සෑම විනාඩි 15කට වරක්ම ඉන්දියාවේ ස්ත්‍රී දූෂණයක් සිදුවන බවත් මානව හිමිකම් කණ්ඩායම් පෙන්වා දෙයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ විරෝධතා