(ටී.කේ.ජී.කපිල )
ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර් හි රැදී සිටින ශ්රී ලාංකික ගුවන් මගීන් 122 ක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී ගියේය.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1193 දරන මෙම ගුවන් යානය උදෑසන 9.05 ට ඉන්දියාවේ කොයිම්බතූර් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් විය.
ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු මෙම ගුවන් යානයේ ගමන් කළහ.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ මෙම ගුවන් ගමන සඳහා ඒ.- 321- 251 එන් වර්ගයේ එයා බස් ගුවන් යානාවක් යොදවා තිබුණි.
මෙම ගුවන් යානය මගීන් පිරිස ද රැගෙන යළි දහවල් 12.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවට පස්සේ මෙහෙදී නහයෙන් අඩන අයනම් ආයේ ගේන්න එපා. ඒ අයට ටිකට් ගණන් අඩුවුන කාලෙක එන්න කියන්න.
මැදපෙරදිග අතරමන්වෙලා ඉන්න ශ්රමිකයෝ ගෙන්වාගන්න කිසිම වැඩ පිළිවෙලක් නැද්ද? වන්දනා නඩ සහ සිසුන් පමණක් ගෙන එන්නේ මොකද ?