IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවේ වන්දනාවේ යන්න උණ්ඩයක් රැගෙන ඇවිත්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි සබ්රිමලේ කෝවිල වන්දනා කිරීමට යන නඩයක සිටි අයකු සතුව  පාර්සලයක් තුළ තිබී ටී 56 ස්වයංක්‍රීය ගිනිඅවිවලට යොදන උණ්ඩයක් තිබී ගුවන්තොටුපල ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් සොයා ගැනීමෙන් පසු එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය වෙත බාරදුන් බව ගුවන් තොටුපළේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය මෙම සැකකරු හැටන් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකි.

මොහු ඇතුළු තිස් දෙනකුගෙන්  සමන්විත වන්දනා නඩයක් කේරළ ප්‍රාන්තයේ පිහිටි  මෙම දේවාලය වන්දනා කිරීමට යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මේ අය අතරින් විසිදෙනකු සතුව කිලෝ 30 බැගින් අබිලි යකඩ අඩංගු පාර්සල් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

වත්තල ප්‍රදේශයේ පිහිටි අබිලි යකඩ අලෙවිකරණ ස්ථානයකින් මේවා ඉන්දියාවට රැගෙන ගොස් විකිණීමට මිලදී ගත් බව එම පිරිස පොලිසියට පවසා ඇතැයි කියති. ටී 56  උණ්ඩය තිබී ඇත්තේ මෙසේ එක් අබිලි යකඩ ද්‍රව්‍ය පාර්සලයක් ළඟ තබාගෙන සිටි අයකු සතුව තිබූ එම පාර්සලයේ  යැයි පොලිසිය පැවසීය.

 



අදහස් (1)

ඉන්දියාවේ වන්දනාවේ යන්න උණ්ඩයක් රැගෙන ඇවිත්

sharm warn Tuesday, 10 January 2023 09:44 AM

ඉන්දියාවෙ යන වන්නා නඩ වලින් නඩෙ ගුරාලා කරන අලුත්ම බිස්නස් එකක් . . මෙච්චර කල් කලේ ගම්මිරිස් කිලෝ දෙක දෙදෙගෙනියන එක. . කොච්චර සිම්පල් ප්ලෑන් එක්ක්ඉක්තින්..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site