
(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය අතර වන්කඩේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 397 ක් රැස්කිරීමට සමත් විය.
නවසීලන්තය අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඕවරයකට ලකුණු 7.96 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 398 ක දැවැන්ත ඉලක්කය සම්පූර්ණ කළ යුතුය.
විරාට් කෝලි වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 113 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 117 ක් රැස්කළ අතර මෙය කෝලිගේ 50 වැනි එක්දින ජාත්‍යන්තර ශතකයයි.
එම ශතකයත් සමඟ විරාට් කෝලි ලෝක එක්දින පිටියේ වැඩිම ශතක ලාභියා ලෙස ලෝක වාර්තාව පිහිටුවීය.
ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ශතක 49 ක් රැස්කරමින් එම වාර්තාවට මීට පෙර හිමිකම් කීය.
ඉන්දීය පිල ඕවර 50 යේදී කඩුලු 4 ට 397 (රෝහිත් ශර්මා 47, ෂුබ්මන් ගිල් නොදැවී 80, විරාට් කෝලි 117, ශියාස් අයිර් 105, කේ. එල්. රාහුල් නොදැවී 39, ටිම් සව්‍රති 100/3)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සතුටුයි. මොනතරම් විවේචන තිබුනත්, ඔවුන් ක්‍රීඩා කරන විලාශය අති විශිෂ්ටයි. අතටම අප රටක් වශයෙන් කලයුත්තේ. Facebook post දම දම වයිරය ප්‍රවර්දනය කරනවට වඩා, අප එයින් ලබා ගත හැකි ආදර්ශ ගෙන, ක්‍රීඩාව සංවර්දනය කිරීමට පියවර ගැනීමයි. නැත්තම් මේ facebook page කාරයෝ, මේ රටේ ප්‍රජාවගේ නිදහස්ව සිතීමේ ක්‍රියාවලිය සමග සෙල්ලම් කර, ක්රෝදය වයිරය වපුරා, තවත් මේ රට විනාශය කරා රැගෙන යන එක අනිවාර්යයි.