සියවස් ගණනක් පැරණි මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය නව යෝජනාවක් සම්මත කරගත්තේය.
‘තලාක්’ යනුවෙන් අඛණ්ඩව තෙවරක් පැවැසීමෙන් මුස්ලිම් වැසියන්ට සිය බිරිඳ දික්කසාද කළ හැකි එම නීතිය අපරාධ වරදක් බවට පත් කරමින් එම පනත සම්මත කරගෙන තිබේ.

‘තලාක්’ යනු අරාබි බසින් දික්කසාදය වන අතර වාර්ගික කරුණුවලට රජය මැදිහත් වීම සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දියාව තුළ විවාදයක් ඇතිවී තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පරිපාලනය හින්දු ජාතිකවාදී ස්වරූපයක් ගන්නා අතර ආගමික හා වාර්ගික කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැදිහත් වීම විවේචනයට ලක්ව තිබේ.
ඉන්දීය පාර්ලිමේන්තුවේ දී සම්මතවූ මෙම යෝජනාව නීතියක් බවට පත්වීමට අවශ්‍යව ඇත්තේ එරට ජනාධිපතිවරයාගේ අත්සන පමණි.
ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය ද අදාළ යෝජනාව අනුමත කළ අතර ‘තලාක්’ යනුවෙන් පවසා බිරිඳ දික්කසාද කරන මුස්ලිම් පුරුෂයන්ට මින් ඉදිරියට නීතිය ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව එසේ කරන්නන් වසර තුනක සිර දඬුවමකට සහ දඩයකට යටත්වනු ඇත.

‘තලාක්’ යනුවෙන් පවසා දික්කසාද කිරීම ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මීට වසර දෙකකට ඉහතදීය.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ශ්‍රී ලාංකිකයෙක්...! අපි ඉන්න තැනක.. අපි දන්නා හඳුනන කෙනෙකුට.. අපේ ගම් පළාතක. ලංකාවේ ක්‍රියාත්මක වෙන නීතිය හැර.. වෙනත් නීතියක් ක්‍රියාත්මක වුත් .... කලොත් , අපි ඔය ෂරියා කියන අයව අල්ලලා පණ පිටින් පුච්චලා දානවා..!!!
මෙන්න මෙහෙම නායකයින්ටයි කොන්දක් තියෙන්නේ... ඒ ඇති අපේ රටවල් තාම ඡන්ද හිඟන්නෝ වෙලා සන්හරේම පාවාදෙමින් ඉන්නවා...!
අපි තලාක් කියලා සිය සැරයක් මේ ආණ්ඩුවට කියලා ඇති. දැන් බලා ඉන්නේ මොවුන් තොලොංචි වෙනකම්...
අපේ රටේ යෝජනා වුණා පමණයි. ඉන්දියාවේ සම්මත වෙලත් ඉවරයි. අපි බලාගෙන ඉන්නේ කවද්ද අපේ රටේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය අහෝසි කර හැමෝටම පොදු එක නීතියක් ඇති කරන්නේ කියලා.
අපේ රටේ යෝජනා වුණා පමණයි. ඉන්දියාවේ සම්මත වෙලත් ඉවරයි. අපි බලාගෙන ඉන්නේ කවදද අපේ රටේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය අහෝසිකොට හැමෝටම පොදු එක නීතියක් ඇති කරන්නේ කියලා...
කොතැනකින් හෝ නීතිය පටන් ගත යුතුයිනේ...
මුස්ලිම් කාන්තාවන් බේරා ගන්න ඉදිරිපත් වෙන්නේ වෙනත් ආගමිකයින්... මුස්ලිම් පිරිමින් අතර මිනිසුන් නැත්ද?
ලංකාව මේ ක්‍රමය අනුගමනය කල යුතුයි.
මෙම " තලාක් " නිතිය ස්ත්‍රී පක්ෂයටත් සමාන කලානම් ඉවරයි. හැබැයි එකම වෙනස පුරුෂයා ජීවත්ව සිටිනතාක් කල් තම ආදායමින් 75% හෝ ඊට වැඩි ප්‍රමාණයක් බිරිඳ හා දරුවන් වෙනුවෙන් ලබාදියයුතුය.
බමුණට යන්නේ කොහෙද මල්ලේ පොල්...
මුස්ලිම් විවාහ නීතිය තහනම් කරනවා තියා අපේ රටේ තවම බුර්කාව තහනම් කර ගන්න බැරි වුන රටක්නේ.. තව මොන කතාද ඉතින්... කාදිනල් තුමා කියනවා වගේ කොන්දක් තියන මිනිස්සු රටකට ඕන..
සියලුම කෙරුවාවල් අවසාන දිනයෙහි තේරෙයි.
මෙන්න නියම නායකයින්... අපේ රටේ ඉන්නේ නපුංසකයින් ටික තමයි දේශපාලන නායකයින්... මොවුන්ම තමයි ඡන්ද හිඟන්නන්. සල්ලි දුන්නොත් ඕනෑම දෙයක් කරයි. මුස්ලිම් නායකයන් එ්ක ගැන දැනගෙන මොවුන්ට පගාවදෙනවා...
කරුණාකර අපේ රටේ පුරවැසියන් සියලුදෙනාටම එකම නීතියක් ගෙන එන්න.
මේ තහනම දික්කසාද කරන එක ක්‍රමයක් හැරෙන්නට මුස්ලිම් නීතියවත්, නිකාබයවත් නොවේ.
අපේ රටේ ව්‍යවස්ථාවෙන්ම කියනවා ආගම, පාට, ගැහැණු, පිරිමි බව අනුව කිසි කෙනෙකුට වෙනස් විදියට සළකන්න බැහැ. නීතිය ඉදිරියේ හැමෝම එකයි කියලා. නමුත් මේ පුංචි රටෙත් දික්කසාද නීතිය ගත්තොත් උඩරට අයට එකක්. මුස්ලිම් අයට තව එකක්. පහත රට නීතිය... ඒ කියන්නේ සාමාන්‍ය නීතිය යටතේ විවාහ වුණු අයට තව එකක්. උඩරට නීතිය අනුව උසාවියකට නොගිහින්ම දික්කසාද වෙනන් පුළුවන්. පහත රට නීතිය යටතේ දික්කසාදයක් ගන්න හරිම අමාරුයි. තවම තියෙන්නේ ක්‍රිස්තු පූර්ව ගණන් වල රෝම, ලන්දේසි නීතිය. අද ලන්දේසීන්වත් ඒ නීති අද අනුගමනය කරන්නේ නැහැ දික්කසාද වෙන්න...
අනිවාර්යයෙන්ම මේ නීතිය ලංකාවෙන් තුරන් වෙන්න ඕනේ. අසරණ ගැහැණු ගොඩක් දුක් විඳිනවා මේ නිසා...
ඉන්දියාවේ මුස්ලිම් කසාද නීතිය තහනම් කරන කොට පාකිස්ථානය හින්දූන් සඳහා වෙනම කසාද නීතියක් හින්දූන්ගේ ඔවුන්ගේ ආගමට අනුව විසඳාගත යුතු බව ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් පහුගිය මාසයේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා... ඉදිරි දැක්මක් ඇති නායකයන් සහ සුළු ජන කොටස්වලට ගරු කරන නායකයන්...