කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 109 ක් බවට පත්ව තිබේ.
වයිරසය ආසාදනය වී ඇති මුළු සංඛ්‍යාව 4,067 කි.
ඉන් පුද්ගලයින් 295 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇත.
වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වේ.
ඒ අනුව එම ප්‍රාන්තයෙන් මේ වන විට ආසාදිතයින් 690 දෙනෙකු සහ මරණ 45 ක් වාර්තා වී ඇත.
ආසාදිතයින් 571 දෙනෙකු වාර්තා වන තමිල් නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව පහකි.
දිල්ලි ප්‍රාන්තයෙන් ආසාදිත රෝගීන් 503 දෙනෙකු වාර්තා වන අතර පුද්ගලයින් 7 දෙනෙකු මරණයට පත් වී ඇත.
තෙළඟනා ප්‍රාන්තයෙන්ද මරණ 7 ක් වාර්තා වන අතර එම ප්‍රාන්තයෙන් ආසාදිත රෝගීන් 321 දෙනෙකු වාර්තා වේ.
වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගුජරාට් ප්‍රාන්තයේ පුද්ගලයින් 11 දෙනෙකු මරණයට පත්වී ඇති අතර ආසාදිතයින් 122 දෙනෙකු එම ප්‍රාන්තයෙන් වාර්තා වේ.
(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)
-226-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළග කේන්ද්‍රස්තානය දකුණු ආසියාවද?