
(ලුසිත ජයමාන්න)
‘චන්ද්‍රයාන් 3’ යානය සාර්ථකව සඳට යැවීමෙන් ලැබූ පන්නරයත් සමඟ, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, තව සතියක කාලයකින් හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වෙයි.
හිරු ගවේෂණයට යැවෙන මෙම යානය නම් කර ඇත්තේ ‘ආධිත්‍යා’ Aditya-L1 යනුවෙනි.
හිරුගේ රැස් වළල්ල, (හිරුගේ බාහිර වායුමය වැස්ම. ඉංග්‍රීසියෙන් කොරෝනා corona යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි.) සූර්ය සුළං ආදිය ගවේෂණය කිරීම මෙම ‘ආධිත්‍යා L1’ යානයේ අරමුණය.
‘ආධිත්‍යා’ Aditya-L1 ගවේෂණ යානය, L1 යනුවෙන් හැඳින්වෙන්නේ, එය හිරු සහ පෘථිවිය අතර L1 ලග්‍රාන්ජ් ලක්ෂයේ රඳවා තැබෙන නිසාය. ලග්‍රාන්ජ් ලක්ෂය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකිනි.
‘ආධිත්‍යා’ Aditya-L1 හිරු ගවේෂණය කරනු ඇත්තේ L1 ලග්‍රාන්ජ් ලක්ෂයේ සිටය.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ මූලස්ථානය ඇත්තේ බෙංගලූරු නුවරය. හිරු ගවේෂණයට ඉන්දියාව යැවෙන පළමු රොබෝ යානය ‘ආධිත්‍යා’ Aditya-L1 බව එම ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතන පවසා ඇත්තේ මහත් ආඩම්බරයෙනි.
ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය යනු හිරු සහ පෘථිවිය යන ග්‍රහ වස්තූන් දෙකේ, ගුරුත්වාකර්ෂණයන්ගේ බලපෑමෙන් ආකර්ෂණයත් විකර්ෂණයත් දෙකම එක විට ඇති ස්ථානයකි.
මෙවැනි තැනක රැඳෙන ග්‍රහ වස්තුවක් හෝ රඳවන අභ්‍යවකාශ යානයක් හෝ වැඩි ආයාසයක් නොගෙන, (හිරු දෙසට හෝ පෘථිවිය දෙසට හෝ ඇදී යාමක් නැතිව) කක්ෂයෙහි වෙනස් වීමක් නොමැතිව, ස්ථාන ගත කළ හැකිය.
ඇමෙරිකාවේ නාසා ආයතනය, ප්‍රබල ‘ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශ දුරේක්ෂ රඳවා ඇත්තේ ද මෙම ලග්‍රාන්ජ් ලක්ෂ්‍යයේය.
ලග්‍රාන්ජ් ලක්ෂ්‍ය දෙකක් මේ වනවිට හඳුනාගෙන ඇත.
ලග්‍රාන්ජ් ලක්ෂ්‍ය එම නමින් නම් කර ඇත්තේ, ඒවා සොයා ගත් ජෝසප් ලුවී ලග්‍රාන්ජ් නම් කීර්තිමත් ඉතාලි-ප්‍රංශ ගණිතඥයා සිහිගන්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුගේ අධික රශ්මියෙන් බේරෙන්න ඉන්දීය අභ්‍යවකාශ ආයතනය අලුත්ම ක්‍රමයක් සොයාගෙන. ඒ යානය රාත්‍රියේ යැවීමෙන්...
ඒක නම් හරියට හරි.., නුවණ ඇති තීරණයක්. රෑට හිරු ගිනිදැල් පිටනොකරන නිසා රොකට් එකේ හෙඩ්ලයිට් පාවිච්චිකර හිරු බලා යන්න පුළුවන්නේ... එතකොට රොකට් එක රත් වෙන්නේ නැනේ...
ඉන්දියාවේ තත්වේ මුළු ලෝකෙම දන්නවා. වැසිකිලි නැතිව මළපහ කරන මිනිස්සු මිලියන ගණන් ඉන්න රටක්. මුළු ලෝකෙම ලොකුම කම්කරු ප්‍රජාව ඉන්න රට. ඇමෙරිකා, රුසියා අතේ ගරු ගාම්බීරේට තිබුණු සඳ ගමන හා අභ්‍යවකාශ ගමන බාල්දු වුණා. දැන් ඔවුන්ට ලෝකෙට තවත් ලොකුකම් පෙන්නන්න බෑ. ඉන්දියාව, ඇමෙරිකා රුසියා ගානට වැටුණාට වඩා, ඇමෙරිකාව, රුසියාව, ඉන්දියාවේ ගාණට වැටුණා වගේ දැනෙන්නේ...
හරිම සතුටට කාරණයක්, අපිත් ඉන්දියානුවත් එකම හැඩරුව, කලුජාතික, බුද්ධි මට්ටම අඩු අය වශයෙන් බටහිර ආසියානු දියුණු රටවල් 3ක් අපව මනින්නේ අඩු තක්සේරුවකින්...
ලංකාවේ අපි නම් රෑ දවල් කියලා නෑ, හිරු බලන එක නවත්තලා තියෙන්නේ...
මේ අතර ශ්‍රී ලංකාව... දේශපාලකයෝ හිතන්නේ හෙට ජනතාවට මොකක්ද දෙන ගුණ්ඩුව... රජයේ සේවකයෝ සිතන්නේ හෙට කොහොමද ගාණක් මරාගන්නේ... මිනිස්සු හිතන්නේ හෙට මොකක්ද රට් ලෝකෙ අලුත්ම පුවත කියලා...
කලුජාතික රටවල් ඉතා සතුටට පත්විය යුතුයි. මොකද අප ගැන බටහිර කියන්නේ මුකුත් බැරි බුද්ධිය අඩු මිනිසුන් වශයෙන්මය, කලු ජාතික රටවල් වන ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, (ආසියාව) බංග්ලාදේශය මැදපෙරදිග සහ අප්‍රිකන් රටවල් මිනිස්සුන්ට වර්ණ භේදය නිසා එම රටවලදී අපට සිදුවන අපහාස, ගැහැට උදහස් වීම් අඩුවීමක් වීමට පුළුවන් අතර අපට කතා කිරීමට හැකියාව ලැබෙනවා...
අපිත් ආඩම්බර වියයුතුයි මේ ගැන... මොකද ඉන්දියාවේ ආර්ථික දියුණුවට ලංකාවත් සෑහෙන්න දායකත්වයක් ලබාදුන්නා. පහුගිය කාලේ අපේ රටේ බංකොලොත් වෙලා, තෙල් නැතිව විදුලිය නැතිව ඉන්නකොට ඉන්දියානු මාධ්‍යය එක දෙක කරලා ලෝකෙට පෙන්වලා ලංකාවේ තේ, නිමි ඇඳුම්වලට එන බිස්නස් ගොඩක් ඒ ගොල්ලන්ගේ රටට අල්ලා ගත්තා... ඒ වගේම අපිට උදව් කරන්න එනවා වගේ පෙන්වලා දීපු ණය වලත් තිබ්බේ ඒ ගොල්ලන්ගේ බඩු පමණයි. එම මුදලින් ගන්න පුළුවන් කියලා, ඒ වගේම රනිල් උන්නැහේ තවමත් සැහෙන්න කැපවෙලා ඉන්නවා.. අපේ ඉතිරිව ඇති දේශීය කර්මාන්ත ටිකත් වහලා දාලා ඒවත් ඉන්දියානු ව්‍යාපාරිකයින්ට ලබාදෙන්න...
අන්තගාමී වීමක් නොවේ. මේ පාවිච්චි කරන හැම තාක්ෂණයක්ම, සිද්ධාන්තයක්ම එක්කෝ ඇමෙරිකාව, රුසියාව, එංගලන්තය, ප්‍රංශය, ජපානය වගේ ලොකු රටවල මිනිස්සු ගත්තු ඒවා. අපිට පුළුවන් අනුකරණය කරන්න විතරයි. බොරු නම් බලන්න. කෙප්ලර්, ගැලීලියෝ, අයින්ස්ටයින්, නිව්ටන්, ඩෝල්ටන්... මේ හැමෝම මෙහෙ අය නෙවෙයි.
මගේ මතය නම් ඇමරිකාව, රුසියාව ඔය යානා හඳට යැව්වාට මිනිස් ප්‍රජාවට වෙලා තියෙන ප්‍රතිලාභ නම් එච්චර නැහැ වගේ. ඒක හින්දාද කොහෙද, ඔය රොකට් තාක්ෂණය මුලින්ම හොයා ගත්තු ජ'මානුවන්වත් හඳට යන්න ඔච්චර දඟලන්නේ නැත්තේ....!