ඉන්දියා - ශ්‍රී ලංකා පදනම ශ්‍රී ලාංකිකයන්ගෙන් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති අතර එම යෝජනා ලබන ජනවාරි මස 26 වැනිදාට පෙර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට යොමු කළ යුතුය.

කලා සහ සංස්කෘතික, අධ්‍යාපන, කෘෂිකර්මය, පර්යේෂණ, විද්‍යා සහ තාක්‍ෂණ, සෞඛ්‍ය, සමාජීය කාර්යන්, සංවර්ධන අධ්‍යනය සහ සංචාරක යන ක්ෂේත‍්‍රයේ ව්‍යාපෘතීන් ස`දහා අයදුම්පත් කැඳවන අතර එම අයදුම්පත් තනි පුද්ගල, ආයතන සහ කණ්ඩායම් ලෙස ඉදිරිපත් කළ හැකි බවත් එම යෝජනා මාර්තු මස පැවැත්වෙන එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එම පදනම පවසයි.

අයදුම්පත් www.hcicolombo.gov.in යන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩබියෙන් ලබාගෙන ඉන්දියා - ශ්‍රී ලංකා පදනම, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය බාරේ, 36 - 38, ගාලූ පාර, කොළඹ 03 යන ලිපිනයට හෝ [email protected] යන ඊමේල් ලිපිනයට හෝ යොමු කළ හැකිය.

මේ පිළිබඳව වැඩි විස්තර 0112389924 යන දුරකථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.