
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියානු රුපියල් මුදල් ඒකකයෙන් ගණුදෙනු කිරීම සඳහා රුසියාව වෙනුවෙන් වොස්ට්‍රෝ ගිණුම් 12 ක්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ගිණුම් 5 ක්ද මොරිෂියස් වෙනුවෙන් එක් ගිණුමක්ද විවෘත කිරීමට ඉන්දියානු මහා බැංකුව අනුමැතිය ලබා දී ඇතැයි රොයිටර් පුවත් සේවය ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කර ඇත.
මෙම තීරණයත් සමඟ ජාත්‍යන්තර ගණුදෙනු වලදී ඩොලරය වැනි මුදල් ඒකක වෙනුවට ඉන්දියානු රුපියල් මුදල් ඒකකය භාවිත කිරීමට රුසියාවට, ශ්‍රී ලංකාවට සහ මොරිෂියස් රාජ්‍යයන්ට අවස්ථාව ලැබෙන බව එම පුවත්සේවය පෙන්වා දී තිබේ.
විදෙස් සංචිත හිඟ රටවල් සඳහා මෙම ක්‍රමය හඳුන්වා දීමට ඉන්දියාව බලාපොරොත්තු වන බව පැවසෙයි.සුඩානය, ලක්සම්බර්ග්, කියුබාව සහ ටජිකිස්ථානයද මෙම ක්‍රමයට කැමැත්ත පළ කරමින් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
නමුත් මෙම රටවල් හතර සඳහා ඉන්දියානු මහ බැංකුවේ අනුමැතිය තවමත් හිමිව නැතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරන උදවු වලට අපිට කොහොම ගෙවල නිම කරන්න වෙයිද දන්නැැ.
විශිෂ්ඨයි...
හොඳ අදහසක්