
(අමදෝරැ අමරජීව)
ලංකාවේ දෙදින නිල සංචාරක නිරත ඉන්දියානු මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය අද ත්‍රිකුණාමලයේ ස්ථාපිත ඉන්දියානු රාජ්‍ය බැංකුවේ ශ්‍රි ලංකාවේ පස්වන ශාඛාව විවෘත කිරිමට එක් විය.
ත්‍රිකුණාමලට පැමිණි ඉන්දියානු මුදල් ඇමැතිනිය නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා විසින් පිළිගනු ලැබු අතර බැංකුව විවෘත කිරිමට පෙර මුදල් ඇමැතිනිය කොණේස්වරන් කෝවිලේ විශේෂ දේව පුජාවකට ආණ්ඩුකාරවරයා සමග එක්වුහ .
බැංකුව විවෘත කරමින් ඉන්දියානු මුදල් ඇමැතිනිය මුල්ම ගණුදෙනු ආණ්ඩුකාරවරයා සමග සිදු කළාය. අනතුරුව මෙම පිරිස චිනවරායේ පිහිටි ලංකා ඉන්දියානු තෙල් සමාගමේ සංචාරයක නිරතවුහ.
මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් බංග්ලේ,ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සභාපති දිනේෂ් කුමාර් කරා යන මහත්වරුන් එක්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගොල්ලෝ ලංකාවේ බැංකු අරිනවා... දේපළ බලන්න යනවා. අපේ අය ඡන්ද නොතියා බලයේ ඉන්න පුළුවන් ක්‍රම සහ විධි කල්පනා කරකර ඉන්නවා. අපි දේපළ බලාගන්න හිටවපු පඹයා දිහා බලබල ඉන්නවා.
පිං රජා එක්ක මොනවද මේ රටට වෙන්නේ කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ... ලොකු ප්‍රශ්න ගොඩාක් මවලා තියලා යයි වගේ...!