IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඉන්දීය මානුෂික ආධාර බෙදන්න ඉන්ධන - කාලගුණය හරහට

(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ප්‍රදානය කළ සහල් සහ කිරිපිටි බෙදාහැරීමට ඉන්ධන අර්බුදය සහ වර්ෂාව සහිත කාලගුණය බලපෑම් කර ඇති බවත් එම බාධක නොතිබුණේ නම් එම ආහාර මේ වන විට ජනතාවට බෙදීම අවසන් වන බවත් ආහාර කොමසාරිස් ජේ. ක්‍රිෂ්ණමූර්ති මහත්මිය ‘ලංකාදීප’යට පැවසුවාය.

ඉන්දියාව ප්‍රදානය කිරීමට නියමිත සහල් මෙට්‍රික්ටොන් 40,000 න් පළමු අදියර යටතේ මෙට්‍රික්ටොන් 9,000 ක් සහ කිරිපිටි මෙට්‍රික්ටොන් 50 ක් ලැබුණු බව කී ආහාර කොමසාරිස්වරිය එම පළමු තොගය අම්පාර, ත්‍රිකුණාමලය, මන්නාරම, නුවරඑළිය, බදුල්ල සහ යාපනය යන දිස්ත්‍රික්වලට බෙදාහැරිමින් සිටින බව ද සඳහන් කළාය.

එම ප්‍රදානය යටතේ ලැබුණු ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යංශයට බාරදුන් බව කී ඉන්දියාවෙන් එම ආහාර තොග ලැබෙන ආකාරය අනුව දිස්ත්‍රික් 25 ටම බෙදාහරින බවත් ආහාර කොමසාරිස් ජේ. ක්‍රිෂ්ණමූර්ති මහත්මිය කීවාය.

ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ලොරි රථ ලබාගැනීමට නොහැකිවීමෙන් බදුල්ල සහ නුවරඑළියට දුම්රියෙන් ආහාර ප්‍රවාහන කළ බවත් සෙසු දිස්ත්‍රික්කවලට ලොරි රථවලින් බෙදාහැරිය බවත් ක්‍රිෂ්ණමූර්ති මහත්මිය වැඩි දුරටත් පැවසුවාය. 



අදහස් (0)

ඉන්දීය මානුෂික ආධාර බෙදන්න ඉන්ධන - කාලගුණය හරහට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site