(විමුක්ති එස් රුද්‍රිගු)

තාවකාලිකව  ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය පහත දමන ලෙසත් යුක්රේනයට ලබා දුන්නා සේ හදිසි ණය ආධාරයක් ලබා දෙන ලෙසත් ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නිර්දේශ කර ඇතැයි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පහසු වීමටත්,ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා බහු පාර්ශවික සහාය ලබා ගැනීමටත්  වර්ගීකරණය පහත හෙළීම උදව් වනු ඇතැයි මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසා ඇත.

පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග පැවති සාකච්ඡාවලදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මෙම නිර්දේශ ඉදිරිපත්  කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.ශ්‍රී ලංකාව ඩොලර් නොමැති වීම හේතුවෙන්  අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට අපොහොසත්ව දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවේ ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය පහත දමා  ඒ අනූව  ශ්‍රී ලංකාවට උදව් කළයුතු බවට සීතාරාමන් මහත්මිය තර්ක කර ඇත.